උණුසුම් පුවත්
Search
sajitha anuththara

”බුවී තමයි මගේ මැනේජර්, එයා නැති වුණොත් මාව පහළටම වැටේවි” – සජිත අනුත්තර

9358

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ විශිෂ්ට රංගන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ වූ රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියන්නේ…. ඉතින් මේ දිනවල සජිත ගැන වැඩි වශයෙන් කතා කරන්න පටන් ගත්තේ ඔහු විසින් රංගනයෙන් දායකත්වය දක්වන අලුත්ම ටෙලිනාට්‍යයේ කෙවීන් කියන චරිතය නිසයි.

No photo description available.

කෙවීන් කියන චරිතය හරහා කරළියට පැමිණෙන සජිත, පියාගේ වියෝවෙන් පස්සේ වැඩි කාලයක් ලංකාවේ හිටියෙ නෑ. ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ සහ පුතා එක්ක ඕස්ට්‍රේලියාවට වෙලා තමයි ජීවිතය ගත කළේ. සජිත මේ විදිහට විදෙස්ගත වුණේ ඔහුගේ ආදරණීය බිරිඳගේ ඉතිරි අධ්‍යාපන වැඩ කටයුතු සඳහා බවයි වාර්තා වන්නේ. තවමත් ඔවුන් ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වුණත් සජිත නම් කලා කටයුතු වෙනුවෙන් ලංකාවට එනවා යනවා….. පසුගිය දිනෙක යෙදුණු සජිත්ගේ එකම සහෝදරිය මාධවීගේ විවාහ මංගල්‍ය වෙනුවෙනුත් ඔහු ලංකාවට ඇවිත් තිබුණා.

No photo description available.

ඒ වගේම තමයි ඔහු ගත කරන මේ ජීවිතයට ආදරණීය බිරිඳ බුවීගෙන් ලැබෙන සපෝට් එක ගැනත් කියන්නම ඕනේ….. ඉතින් ඒ සම්බන්ධයෙන් සජිත කියලා තිබ්බේ මේ වගේ ආදරණීය කතාවක්.

No photo description available.

“අනිවාර්යයෙන්ම. බුවීගෙ හමුවීමත් එක්ක මගේ කලා ජිවිතේ වේගවත් වුණා. එයා තමා මගේ මැනේජර් විදිහට හැමදේම කරන්නේ….. විදෙස් සංචාර මැනේජ් කරන්නේ, ලංකාවේ මගේ කැලැන්ඩරේ අප්ඩේට් කරන්නේ, හැමදේම මට මතක් කරන්නේ…… මම කලාවට දක්ෂ වුණාට අනිත් සියල්ල මැනේජ් කරන්නෙ එයා.

May be an image of 3 people, people smiling and text

මගේ අම්මා, අප්පච්චිගෙන් ලැබුණු කුසලතා එක්ක, මම එකතු කරගත්ත ව්‍යුත්පත්තියත් එක්ක, මම කරපු සතතාභ්‍යාසත් එක්ක මම සම්පූර්ණ කරල තිබුණෙ රවුමක ශක්තිමත් භාගයක් විතරයි. ඉතිරි භාගෙ තමයි බුවී. මට හිතාගන්න බෑ, එයාගෙ සපෝට් එක නැති වුණොත් එක පාරටම මාව ජබක් ගාලා පහළටම වැටේවි….. එයා තමයි මගේ ශක්තිය. මම මගේ දෛවයට ස්තුතිවන්ත වෙනවා, බුවීව මට මුණගැස්සුවට. මගේ අම්මා, අප්පච්චිට දෙන ගෞරවයට සමාන ගෞරවයක් මං එයාටත් දෙනවා…..”

No photo description available.

May be an image of 2 people and text

 

No photo description available.

No photo description available.