උණුසුම් පුවත්
Search
wedding

මහනුවර වෙඩින් පාචන පොකුරක්

95

මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති විවාහ උත්සව කිහිපයක් සඳහා සහභාගි වූ බව කියන 600ක් පමණ වූ පිරිසක් හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණ පවත්වයි.

මීට දින කිහිපයකට පෙර එම හෝටලයේ විවාහ මංගල උත්සව තුනක් පවත්වා ඇති අතර එම මංගල උත්සව තුනට සහභාගි වූ හයසියයක් පමණ වූ පිරිසක්

වමනය, පාචනය සහ උණ රෝග වලින් පෙළීම හේතුවෙන් ඔවුන්ට රජයේ සහ පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබාගැනීමට සිදුව තිබේ.

මෙදින මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ පවුලේ සාමාජිකයකුගේ විවාහ උත්සවයක්ද අදාළ හෝටලයේ පවත්වා ඇති අතර ඔවුන් මධුසමය ගත කිරීම සඳහා විදේශ ගතවීමෙන් අනතුරුව ඔවුන්ට එහි දී රෝහල්ගත වීමට සිදු වී ඇති බව ද කියති.

හෝටලයේ ආහාර ගත් පිරිසට කිසියම් අසාත්මිකතාවක් ඇතිව තිබෙන බවත්, එම හෝටලයේ ජලයෙන් එම අසාත්මිකතාව ඇති විය හැකි බවට අනුමාන කරන හෙයින් එම හෝටලයේ ජල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කළ බවත් ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ ඉහළ
නිලධාරියකු පැවැසීය.

මහනුවර – කමල් සුරවීර

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published.