උණුසුම් පුවත්
Search
anil somaweera

බ්‍රිගේඩියර් අනිල් සෝමවීරට සියලු තනතුරු අහිමි වෙයි

371

පසුගිය ජූලි 13දා අගමැති කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකරන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් සෝමවීර සියලු තනතුරු වලින් ඉවත් කර හමුදා මුලස්ථානයට අනුයුක්ත කර ඇතැයි වාර්තා වනවා.

යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සඳහා හේතුවක් දක්වා නැහැ.

බ්‍රිගේඩියර්වරයා අරගලකරුවන්ට අදාළ ප්‍රකාශය කරන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරන්නේ අදාළ නිලධාරියා මාරු කර ඇත්තේ, වීඩියෝවේ හේතුව මත නම් එය බරපතළ කරුණක් බවයි.

එම නිසා එහි සත්‍ය – අසත්‍ය බව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස එම සංගමය කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර බ්‍රිගේඩියර් සෝමවීර අසල සිටි සිංහ රෙජිමේන්තුවේ 12 වන බළ ඇණියේ අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් පී.එච්.ජී.පී ගුණවර්ධනව ද රාජකාරියෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් විමසීමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, ඔහු දුරකතනය විසන්ධි කිරීම නිසා එය අසාර්ථක වුණා.




Leave a Reply

Your email address will not be published.