උණුසුම් පුවත්
Search
bakery

අද සිට පාන් රුපියල් 20කින් – සෙසු බේකරි නිෂ්පාදනත් 10කින් ඉහළට

59

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල රුපියල් 20කින් සහ සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පාන් ගෙඩියක නව මිල වන්නේ රුපියල් 190කි.

පසුගිය මැයි 19 වනදා මිල ඉහළ දැමීමෙන් පසු මාස එකහමාරක් තුළ නැවත මෙම ඉහළ දැමීම සිදු කර තිබේ.

අධික ඉන්ධන හිඟය හා නිෂ්පාදන වියදම අධික වීම මත මෙම තීරණය ලබාගත් බව ද ඔවුන් දන්වා ඇත.




Leave a Reply

Your email address will not be published.