උණුසුම් පුවත්
Search
Prasanna rukmal

ලක් මව රනින් සැරසූ බොක්සිං ශුරයා දිවයිනට

1244

ප්‍රංශයේ පැවැති ලෙස් සෙන්චරීස් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී රන් පදක්කමක් දිනූ රුක්මාල් ප්‍රසන්න ඊයේ (17) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් සේවයේ QR 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි රන් පදක්කම්ලාභී රුක්මාල් ප්‍රසන්න ක්‍රීඩකයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

ලෙස් සෙන්චරීස් ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කගේ නියෝජනයෙන් පසුගිය 12 වැනිදා සිට 15 වැනිදා දක්වා ප්‍රංශයේදී ක්‍රියාත්මක විය.

එහිදී කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදුණු රුක්මාල් ප්‍රසන්න අවසන් මහා තරගයේ දී කැනඩාවේ අල් අහමදී ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

May be an image of 4 people, people standing and indoor
May be an image of 1 person, standing and indoor



Leave a Reply

Your email address will not be published. Required fields are marked *