උණුසුම් පුවත්
Search
akila

”අපි දෙන්නම හඳහන් විශ්වාස කරන්නේ නෑ” – අකිල විමංග

260

සමාජ මාධ්‍ය නිසා රටම දන්නා අකිල විමංග සර් කිව්වහම කොයි කවුරුත් ඔහුව අඳුරනවා. ඔහු සිංහල විෂය පමණක් උගන්නපු ගුරුවරයෙක් නෙවෙයි. ඔහු මුළු ජීවිතයම උගන්වපු ගුරුවරයෙක් විදියට තමයි බොහෝ දෙනෙක් ඔහුව හඳුනාගන්නේ. ආදරය ගැන ජීවිතේ ගැන ඔහුට තිබුණු ඒ අපූරු දෘෂ්ටිකෝණය නිසා බොහොමයක් තරුණ තරුණයන් අකිල සර්ගේ කතා අහන්න හරිම ආසයි…..

May be an image of 2 people, wedding and dais

ඔන්න ඔය විදියට තමයි අකිල සර් තවත් හුදෙක් ටියුෂන් ගුරුවරයෙක් නොවී බොහෝ දෙනෙක් ආකර්ෂණය කරගත්තු පුද්ගලයෙක් බවට පත්වුණේ. කාලයක් ඔහු කසාද බඳින්නේ නෑ, තනිකඩව ඉන්නවා කියලා තීරණය කරනවා…. ඊට පස්සේ මීට මාස කීපයකට කලින් ඔහුගේ ජීවිතය වෙනස් කරපු ආදරණීය හමුවීමක් ඔහුට මුණගැහෙනවා.

May be an image of 2 people, suit and wedding

ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. විවාහ වෙන්නෑ කියලා තීරණය කරලා හිටපු අකිල සර්ව වෙනස් කරපු ඇය ඇත්තටම ඔහුව තේරුම් ගත්තු ආදරණීය හදවතක් කියන දේ ඔහුත් නිතරම සඳහන් කරනවා….. ඉතාමත් කෙටි කාලයකින් දැන හඳුනගෙන හඳහන්, කුල මල විශ්වාස නොකර දෙන්නට දෙන්නගේ විශ්වාසය සහ දෙමව්පිය ආශිර්වාදය ඇතුව තමයි මේ විවාහය සිද්ධ වුණේ….. ඉතින් මේ විදියට ඔහු මීට මාස කිහිපයකට කලින් ඇය සමඟ විවාහ ගිවිස ගන්නවා. පසුගිය දිනක විශාල වොවාහ උත්සවයක් අරන් තමයි ඔහු මේ ගැන රටට කියන්නේ. ඒ දේවල් සිද්ධ වෙච්ච විදිහ පිළිබඳව අකිල සර් කිව්වේ මේ වගේ කතාවක්….

May be an image of 2 people, flower, dais and wedding

“අපි දෙන්නම හඳහන් විශ්වාස කරන්නේ නෑ…. මම දන්නෑ ඒ වගේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. කොහොමත් දෙන්නෙක් එකට ජීවත් වෙද්දි ප්‍රශ්න එනවා. එහෙම නැත්නම් රොබෝලා වෙන්න ඕනි….. මාස පහ හයක් අපි කතා කතා කළා.ඉතින් මට හිතුන විවාහයකට යන්න ඕනෑ කියලා.මම දැඩිව විශ්වාස කරනවා අපි බඳින වයසෙ නම් ඉන්නේ ඒ ප්‍රේම සම්බන්ධ කල් යවන්න හොඳ නෑ කියලා….. ඒ නිසා අපි දෙන තීරණය කරා විවාහයට දින නියම කරගන්න.” ඉතින් මේ විදියට විවාහ වුණු ඔහුගේ අත ගත් මනාලිය පළමු පත්වීම ලබා නුවර එළිය රෝහලේ සේවය කරනවා. ඇය නමින් වෛද්‍ය භාග්‍ය යි.

May be an image of 6 people, people smiling, saxophone and violin

May be an image of 1 person and wedding

May be an image of 1 person and wedding

May be an image of 2 people and text