සිනමාව තුළ අතිශය ජනප්‍රිය නිර්මාණයක් වුණු ‘ගිණිමල් පොකුරු’ සිනමා නිර්මාණයේ දක්ෂ රංගනයක යෙදුනු ඒ වගේම හැමෝම කතා බහ කරන්නට වුණු කෙනෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. ඔහු රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍යය බොහෝමයක් තියෙනවා. ඒ අතර විකාශය වුණු ‘පිනි’ ටෙලිනාට්‍යයේ සම්පතාටත් ගොඩක් දෙනෙක්ගෙන් ආකර්ෂණය ලැබුණා. ඉතින් ඒ වගේම මේ දිනවල ඔහුව පුංචි තිරයේ දැකගන්න පුලුවන්. ඒ ස්වාධීන රූපවාහිනියේම විකාශය වන ‘හාර්ට් කාර්ට්’ ටෙලිනාට්‍යයේ.
ඉතින් දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ඉසුරු ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය ලබා ගන්නේ ඔහුගේ ඇති සුහදශීලීත්වය නිසයි. කලාවේ බොහෝ දෙනා සමග සතුටින් සුහදශීලීව තමයි ඔහු වැඩ කරන්නේ. ඉතින් ඉසුරු කියන මේ දක්ෂ රංගන ශිල්පියා ඉන්න තැන හැමෝම සතුටින්.

හුස්ම, හැපි බර්ත් ඩේ, ගිණි අවි සහ ගිණි කෙලි වැනි සිනමා නිර්මාණ ගණනාවක සිය දක්ෂතා පෙන්වන කඩවසම් රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. ඉතින් පාසල් කාලයේ ආදරණීය පෙම්වතෙක් වුණ ඉසුරු එකල ඔහු ලබපු අත්දැකීම් ගැන රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ පළවෙනි ලව් එකේ ගෑණු ළමයා ඉස්කෝලේ එන්නෙ වෑන් එකේ මුල්ලෙ ශීට් එකේ. ඉස්කෝලේ යාලුවෝම තමයි ට්‍රැෆික් කරන්න ඉන්නේ…. ඉතින් මම යාලුවට කියනවා වෑන් එක නවත්තන්න කියලා. ඊට පස්සෙ මම එහෙට මෙහෙට පාරෙ පනිනවා. වෑන් අන්කලුත් දන්නවා සිද්ධිය…. ඒ ලව් එකෙන් මම බූට් කෑවා. මම ඒලෙවල් වලට මැත්ස් කලෙත් එයා නිසා…. එයා කිව්වෙ මැත්ස් කරන්න කියලා. එයා A දෙකයි B එකයි අරන් කැම්පස් ගියා. මම C එකයි S දෙකයි අරන් හමුදාවට ගියා…. මට ආයෙ නම් එයාව හම්බවෙන්න එපා. මම කරපු හැටි හැමෝම දන්නවා… මමයි කාවිංගයි තමයි ලෝකෙ ඉන්න මෝඩම නලුවො දෙන්නා…. නම් දෙකත් කොටා ගත්තා.”

ඉතින් මේ විදියටයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අතීත පෙම් සිද්ධි ගැන මතක් කරලා තිබුණේ…
කොහොම නමුත් ඉසුරු තවමත් තනිකඩයි කියලා තමයි දැනගන්න නම් නම් ලැබුණේ.



Source – Kotuwa Paththare
Photos – Isuru Lokuhettiarachchi’s fb account
- දිනක්ෂියි සාරංගයි, සාරන්‍යා එක්ක උපන්දිනේට කරපු වැඩේ (ඡායාරූප සහිතයි)
- උපේක්ෂාගේ පුංචි දුව උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)
- ICU ඇදක් නැතිව මියගිය දියණියගේ මවගෙන් ඇන්තනී පවුලට දැඩි විරෝධය
- ”කවදාවත් කසාදය නිසා ගෑනු දුක් විඳින්න ඕන නෑ” – පියුමි බොතේජු
- ”මම පවුලක් කැඩුවේ නෑ, මම ඒක පුන පුනා කියනවා” – අමායා මෙතෙක් නොකියූ ඇගේ කතාව
- අම්මිගෙයි තාත්තිගෙයි හාදු වැස්සේ තෙමෙන සාරන්‍යාට අවුරුදු දෙකයි (ඡායාරූප සහිතයි)
- ”එදා ඉඳන් මම සුදු මල්ලිට හරි ආදරෙයි” – නිල්මිණි සංවේදී මතකය අවදි කරයි
- ඉන්දියානු මනාලියක් වූ සුරූපී යුරේනි (ඡායාරූප සහිතයි)