හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන් ගේ වර්තමාන බිරිද වන කැරී ජෝන්සන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන්ගේ තුන්වන දරුවා උපන් බව දන්වා තිබේ. ජොන්සන්ගේ පෙර විවාහයන්ගේ දරුවන් සමග මේ ඔහුට අටවැනියාය.
අගහරුවාදා දින ඉන්ස්ටග්‍රෑම් හී සටහනක් තබමින් ජොන්සන් කියා සිටියේ ජූලි 5 උදෑසන 9.15 ට උපන් ෆ්රෑන්ක් ඇල්ෆ්රර්ඩ් ඔඩිසියුස් ලෝකයට සාධරයෙන් පිලි ගන්නා බවයි.
ඇය අලුත උපන් දරුවාගේ පින්තූර කිහිපයක් පළකර තිබූ අතර , එහි ඇයගේ අත්වල දරුවා තබා ඔතාගෙන සිටින එකක් සහා ඇද මත වැඩිමහල් සහෝදරයා එනම් ජෝන්ස් දෙපලගේ පලමු දරුවා වන විලිෆර්ඩ් සමග සිටින පිංතූර එයට ඇතුලත්ය.
“නිදිමතෙහි පසුවන දරුවාගේ සිනහවට ඇය හැම විනාඩියකම ආදරය කරන බව” ත් ඇය එකතු කර තිබුණි.
“මගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ඔවුන්ගේ අලුත් සහෝදරයා දැකීමත් සමග සතුටට හා උද්වේගයට පත් වූ ආකාරය දැකීමේ දසුන අප සියලු දෙනා වසගයට පත් කළා” ඇය පැවසුවාය.
ඇය ඇදහිය නොහැකි උපකාරයක් කළ NHS හෙද නිලධාරී කණ්ඩායමට ස්තූතිවන්ත වූ අතර ඇයට ඉමහත් කෘතඥතාවක් දැනෙන බව කියා තිබේ.
පලමු දරුවා 2020 අප්‍රේල් පැරිස් හී දී උපන ලැබීය. ඔවුන් විවාහ ගිවිසගෙන සිටියදී බොරිස් ජෝන්සන් කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත කරන ලදී.
ඊට පසු වසරේ දී ඔවුන් ලන්ඩන් හී වෙස්ට් මිනිස්ටර් දෙව්මැදුරේ දී රහසේ විවාහ විය.
බොරිස් ජෝන්සන්ට මේ වන විට ඔහුට දරුවන් අටක් විය. මේ ගණන ඉදිරිපත් කරේ ඔහුගේ හා කැරීගේ දරුවන් තිදෙනාත්, ඔහුගේ පෙර බිරිද වන මරීනා වීලර් ගෙ හා ඔහුගේ දරුවන් හතරදෙනා, සහ අනියම් සබදතාවයක දියණියක් සමගය.