මෙරට ප්‍රධාන පෙළේ බිස්කට් නිපදවන සමාගම් සිය නිෂ්පාදන වල මිල 50%කින් පමණ අඩු කර සුපිරි වෙළඳසැල්වල වට්ටම් ලබා දෙමින් තිබෙනවා.
සමාජ ජාල වල පින්තූර සහිතව වාර්තා පළ වන්නේ ඒවා තවත් සති 02කින් තුනකින් කල් ඉකුත් වීමට නියමිත ඒවා බවයි.
ඉතා ඉහළ මිල ගණන් යටතේ මිල නියම කර තිබීම මත පාරිභෝගිකයන් බිස්කට් පරිභෝජනය අවම කිරීම නිසා බිස්කට් අලවිය විශාල ලෙස පහත වැටී තිබිණි.
ඒ හේතුවෙන් මෑතකදී බිස්කට් සමාගම් විසින් ප්‍රසිද්ධ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේ බිස්කට් පරිභෝජන නතර තම ව්‍යාපාර බිඳ නොවට්ටන ලෙසයි.
ප‍්‍රධාන පෙලේ සුපරි වෙලද සියල්ලේම පාහේ මෙම බිස්කට් වර්ග එම වට්ටම් ද සහිතව පාරිභෝගිකයන් ගමන් කරන තීරු මැද ගෑවෙන්න නොගෑවෙන්න තබා තිබෙනු දැකිය හැකිය.