සංගීත ක්ෂේත්රයේ මේ වන විට කොයි කවුරුත් ආදරය කරන, බොහෝ තනු නිර්මාණයන්ට තමන්ගේ මිහිරි කටහඬ මුසු කල නවක ගායකයෙක් තමයි දිනේෂ් ගමගේ කියන්නේ. ඔහු නව පරපුරේ ගායකයෙක් විදියටත් ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබා ගැනීමට තබාගැනීමට දක්ෂතාවයක් දක්වන කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. හඬ වගේම ඔහුගේ සුන්දර පෙනුම බොහෝ තරුණියන් වශී කරගන්නට සමත් කිව්වොත් වරදක් නෑ. දිනේෂ් කියන්නේ සැබෑම දක්ෂයෙක් කියන එක ඔප්පු කරන්න ඔහු විසින් ගායනා කරපු වෙරළු මල්, දැනෙනා තුරු මා ආදී ගීත වලට ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හරහාම ඕනි කෙනෙක්ට පුළුවන්.

ඉතින් මේ කඩවසම් තරුණයා පිළිබඳව කතාකරද්දී පසුගිය දවසක ඔහු තමන්ගෙ 28 වෙනි වෙනි උපන්දිනය සමරනවා. හැබැයි ඔහුවත් දන්නේ නෑ ඔහුව සප්‍රයිස් කරන්න ලස්සන පාර්ටියක් ඕගනයිස් කරලා තියෙනවා කියලා….. මේ බර්ත්ඩේ පාටිය සංවිධානය කරපු තැනට ඔහු එන්නේ තනියම නෙවෙයි. ඒ කලා ලෝකයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි පියසාද් සමඟයි. ශනුද්‍රි කියන්නේ අපේ රටේ හැමෝම දන්න ප්‍රියසාද් පවුලේ බාලම දියණිය.

ගොඩක් දෙනෙක් පසුගිය කාල සීමාව තුල දි කිව්වා ශනුද්‍රි සහ දිනේෂ් කියන්නේ සැබෑ ලෝකයේ ආදරණීය පෙම්වතුන් යුවලක් කියලා. නමුත් ඒ ගැන විවිධ කතාබහ වලදී දිනේෂ් නම් කියා සිටියේ, ”කාලයට ඉඩ දීලා බලන් ඉමු, ඒකට පිළිතුරක් ලැබෙයි” කියලා….
ඉතින් ඒ වගේම මේ වන විට මේ දෙදෙනා දෙදෙනාගෙන් එක් අයෙක්වත් හරියට අදහසක් ප්‍රකාශ කරලා නැහැ. ඒත් පසුගිය දවසක ඔවුන් දෙදෙනාම ලස්සන ටැටූ දෙකක් අතේ කරගෙන තිබුණු ඡායාරූප සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු වුණා. ඒ විතරක් නෙවෙයි සමහර පුවත්පත් සාකච්ඡා වලදී දිනේෂ් කියනවා ශනුද්‍රි කියන්නේ හරිම හොඳ චරිතයක් සහ ඇයව බඳින ඕනෑම කෙනෙක් වාසනාවන්ත වෙනවා කියන දේත්.

කොහොම නමුත් ශනුද්‍රි කියන්නේ ඇත්තටම දක්ෂ රංගන ශිල්පිනියක් වගේම හොඳ හඬක් තියෙන තරුණියක්. ඒ වගේමයි කෑම බීම හදන්නත් ඇය ගොඩක් දක්ෂයි. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් වෙන ප්‍රියසාද් පවුලේ මේ බාල දියණිය ගැනත් සමාජ මාධ්‍ය නිසාම අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා ඇගේ ඉහුම් පිහුම් කලාවත් අති දක්ෂ බවයි අපිට නම් හැඟෙන්නේ…..


ඒ සියලු කරුණුත් එක්ක දිනේෂ්ට ආදරේ කරන්න ජනප්‍රිය නිළිය ඇය දෝ කියන දේ අද වෙද්දී ගොඩක් දෙනෙක් තීරණය කර අවසන්…. එවැනි තත්ත්වයක් තුළ පසුගිය දවසක සංවිධානය කරපු මේ උපන්දින සාදයේ දිනේෂ්ට සමීප ආදරණීය යහළුවන් කීප දෙනෙක් එකතු වෙලා හිටපු අතර කේක් කපන අවස්ථාවේදී දිනේෂ් පළමු කේක් කෑල්ලක කවන්නෙත් ශනුද්රිට වීම විශේෂත්වයක්. ඒ අවස්ථාවේදී ශනුද්‍රි, දිනේෂ්ව වැළඳ ගෙන ඔහුට ආදරෙන් සුබ පතන්න අමතක කරන්නෙත් නෑ….

ඉතින් මේ හේතු කාරණා හැමදේම බැලුවාම ඇත්තටම මොවුන් පෙම්වතුන් කියලා හිතන්න තවත් දේවල් ඕන නෑ කියලයි අපිටත් හිතෙන්නේ.
කොහොම නමුත් මේ අවස්ථාවෙදි ගොඩක් දෙනෙක් ඔවුන් දෙදෙනාටම හදවතින්ම සුබ පැතුම් එකතු කරලා තිබුණු විදියටම අපිත් සුබපැතුම් එක්කරන්න අමතක කරන්නේ නෑ….


- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)