උණුසුම් පුවත්
Search
ashika

රටම ආදරේ කරන සුරූපී රංගන ශිල්පිනි අශිකාගේ උපන්දින සැමරුම (ඡායාරූප සහිතයි)

243

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් නිහතමානී සුන්දර රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියලා කියන්නේ.

ඇත්තෙන්ම ඇය ගැන මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.

ඇය මේ වෙනකොට අපේ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.

image 391

වෙළඳ දැන්වීම් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය කෙටි කාලයක දී විවිධ චරිත නිරූපණය කරමින් පුංචි තිරයේ අති විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට වාසනාවන්ත වෙනවා.

image 394

ඒ බව නොරහසක්. කොහොම වෙතත් කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන ඇය මේ වනවිට විවාහ වෙලා වසර 13කට ආසන්නයි.

ඒ විතරක් නොවෙයි මේ වන විට ඇය ආදරණීය දරුවත් තුන් දෙනෙකුගේම සෙනෙහෙබර මවක්ද වෙනවා.

image 389

ඇගේ ආදරණීය සැමියා ගුවන් හමුදාවේ සේවය නියුතු අයෙක්.

දරුවන් තිදෙනෙකු සිටියත් ඇගේ සුන්දරත්වයේ නම් තවමත් කිසිම අඩුවක් සිදුවෙලා නැහැ. ඉතින් මේ විදිහට ලස්සනට ඉන්න නම් කරුණාව දයාව සහිත හදවතක් තියෙන්න ඕනේ කියලයි ඇය නම් පවසන්නේ. ඒ වගේම හදවත පිරිසිදු වුණාම මුහුණත් ලස්සන වෙනවා කියලත් ඇය කියනවා. මේ අතර ඇය කියන්නේ තාමත් ඇය එදා මෙන්ම ලස්සන නිසා ඇගේ සැමියාත් ඇයව ඕනම තැනකට එක්කකරගෙන යද්දී ලස්සනට හැඩට එක්කරගෙන යන්න කැමතියි කියලයි.

image 390

එහෙම ගියාම සැමියාගේ යාළුවන්, ඥාතීන් අශිකාගේ ලස්සන ගැන වර්ණනා කරනවා අහන්නත් ඔහු ගොඩක් කැමතියි කියන ඇය කියන්නේ ඇගේ පුංචිම පුතා ඇයගේ බෙල්ල බදාගෙන මගේ අම්මා අද හරී ලස්සනයි කියනකොට ඇයට දැනෙන සතුට කියලා නිමකරන්න බැහැ කියලයි.

කොහොම වෙතත් රටක් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

image 393

ඒ වෙනුවෙන් පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සංවිධානය කිරීමටයි ඇය කටයුතු කර තිබුණේ. ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඇය අමතක කරලා තිබුනේ නැහැ.

image 395

ඉතින් මේ විදිහට උපන්දිනය සමරන මේ ප්‍රවීණ රංගන ශිල්පිනියට සුබම සුබ උපන්දිනයක් වේවා කියල අපි සුබ පැතුම් එකතු කරන අතරම මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

image 388



Leave a Reply

Your email address will not be published. Required fields are marked *