උණුසුම් පුවත්
Search

අමෙරිකානු ජනපති පා පැදියෙන් ඇද වැටෙයි

45

අමෙරිකානු ජනපති ජෝ බයිඩෙන් ඩෙලවෙයාර් හි කේප් හෙන්ලොපෙන් ප්‍රාන්ත උද්‍යානයේ පාපැදි සවාරියක් අවසානයේ තම බයිසිකලයෙන් බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් ජනාධිපතිවරයාට හානියක් සිදුවී නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන්නේ 79 හැවිරිදි ජනාධිපතිවරයා ඇද වැටීමෙන් පසු වහාම නැගිටින ආකාරයයි.

අනතුරුව ඔහු ප්‍රකාශ කරන්නේ “මම හොඳින්” යනුවෙනුයි.

‘පැඩලයේ ඇඟිලි රඳවන තුළ මගේ පාදය හසු වුණා” යනුවෙන් ඔහු කියා සිටිනවා.

ජනාධිපතිවරයා ඉක්මනින්ම නැගිට තමා බයිසිකල් පැදීම නැරඹීමට රැස්ව සිටි ජනතාව සමඟ විනාඩි කිහිපයක් කතා බහ කරන අතර ධවල මන්දිරයේ ප්‍රකාශයකට අනුව බයිඩෙන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවූ බවත් පවසා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.