ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය නෙතාෂා පීරිස් විදෙස්ගතව සිටිය දී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේත්, නීතීඥ ගීතාල් පීරිස් මහතාගේත් එකම දියණියයි. එම පවුලේ නෙතාෂාට සිටින්නේ වැඩිමල් සොයුරෙකු පමණි.
ලයිසියම් ජාත්‍යන්තර පාසලින් 2020 වසරේදී උසස් පෙළ හැදෑරීමෙන් පසු මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි නෙතාෂා, මැලේසියාවේ ඇය පදිංචිව සිටි නිවස්නයේ දී හදිසියේ අසනීප වී ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා.
කලා ලෝකය සමග සමීප බැඳීමකින් කටයුතු කළ තිරාණි පීරිස් මහත්මිය වෙත මෙම හදිසි වියෝව හේතුවෙන් කණගාටුව පළකරමින් කලාකරුවන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කම්පනය හා ශෝකය පළ කර තිබෙනවා.
ඇයගේ ශරීරයේ සීනි මට්ටම අඩුවීම නිසා ඇය රෝගී වී ඇති බවත් ඇතැමුන් සඳහන් කර ලැබුණා.