අමායා අධිකාරි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා. බොහෝ ටෙලි නාට්‍යය තුළ මෙන්ම චිත්‍රපට තුළත් අපට ඇයව දැක බලා ගන්නට පුලුවන් වෙනවා. මේ වන විට අමායා කියලා කියන්නෙ දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය පළමු වරට විවාහ වන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන අතුල අදිකාරි සමඟයි. ඒ අතුල අධිකාරිගේ දෙවන විවාහය ලෙසයි. ඔහු පළමු වරට විවාහ වන්නේ අපි කවුරුත් හඳුනන ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුව මහත්මිය සමඟයි. ඔවුන් දෙපළට දරුවන් දෙදෙනෙක් ද සිටින අතර ඔවුන් අතර ඇති වු යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයෙන් සමු දීමට ඔවුන් දෙදෙනා තීරණය කරනවා. ඉන්පසුව තමයි අතුල අධිකාරි අමායා සමඟ විවාහ වන්නේ.

ඒත් ඉතින් මේ වන විට අතුල අදිකාරිගෙ සහ අමායාගේ විවාහයත් දෙදරා ගොස් තමයි තියෙන්නේ. අමායා අධිකාරි මේ වන විට ගායන ක්ෂේත්‍රයට සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන හර්ෂ ධනෝෂ් සමග පවුල් ජීවිතය ගත කරන අතර ඔවුන් දෙදෙනාට දරුවෙක් ද සිටිනවා. ඇයට සහ අතුලටත් දියණියක් සිටින අතර එම දියණිය මේ වන විට සිටින්නේ අමායා අධිකාරි සමඟයි. ඉතිං මීට බොහෝ කලකට පෙර අමායාගේ සහ අතුලගේ විවාහය බිඳී යෑමට හේතුව ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා තිබුණේ මේ විදිහට.

“හැමදාම අතුල අයියා පවුල් ජීවිතයට වඩා එයාගේ සංගීත වැඩ වලට තමයි මුල්තැන දුන්නෙ. එයා එයාගෙ වැඩ වලට ලේසි වෙන්න කියලා තමයි ගෙදරින් ගියේ. ඇත්තටම එයාට බඳින්න කලින් නම් මාව නැතුව ම බැරි වුණා. හැමදාම මගෙ ළඟ ඉන්නකොට මගෙ අගය අඩු වෙනවා කියලා එයාට හිතුනද දන්නේ නැහැ. ඇත්තටම මට අතුල අයියා නැතුව ඉන්න බැරි කාලයක් තිබුණා. ඒ කාලේ එයා එක දවසකට රට යනවා කිව්වත් මම පෙරළි පෙරළි ඇඬුවා. ඒත් දැන් නම් ඒ හැමදේම හරි. එයාට වෙනම ඉන්න ඕනි කිවුවහම මම එයාගෙ ඒ කැමැත්තට ඉඩ දුන්නා. “
ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
