එදා සිට අද දක්වාම රංගන ක්ශේෂ්ත්‍රය තුළ දැක ගන්න ලැබෙන එන්න එන්නම තම සුන්දරත්වය රැකගෙන ඉන්න කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ කියන්නේ. වත්සලා දියලගොඩ රංගනයෙන් දායකත්වය දැක්වූ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ කටකාර නිරාශා චරිතයට ඇයට හැමෝගෙම ආදරය ලැබුණා.
මේ වන විට රංගනයෙන් තරමක් ඈත්ව දිවිගෙවන, දියණියකගේ ආදරණීය මවක් වන වත්සලාගේ සහෝදරියත් කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඇය මව් පදවිය ලබන්නට සැරසී සිටින බුවනි චාපායි.. වත්සලා සහ බුවනි මල්ලිත් සමග ළමා කාලය ඉතා සුන්දරව කාලය ගත කරලා මතකයන් රැසක් පිරි අතීතයක් තමයි ඔවුන්ට තියෙන්නේ.
ඉතින් කවුරුත් ආකර්ෂණය වෙන රූප සොබාවක් තියෙන වත්සලා ඇගේ රූ රහස් ගැන කුඩා කාලයේ ඉදලා උනන්දු වුණු විදිය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
”අම්මලා කොන්ඩෙ දිග් වෙනවා කියලා මට කිව්වම මම හැමවෙලේම කොළමයි ඉල්ලන්නේ. මම හරි ආසයි කොන්ඩෙ දිග් වෙනවට. ගුණදායක කොළ ජාතිමයි කෑවේ. කොන්ඩෙ දිග් වෙනවා කිව්වොත් තණකොල හරි කනවා….. කරවිල ජූස් එහෙමත් බිව්වා. මගේ දුවත් එහෙමයි. කොළමයි කන්න ඉල්ලන්නේ. ඉස්සර මට හොද ගණකම තියෙන කොන්ඩයක් තිබුණා. බබා හම්බ වුණාම තමයි කොන්ඩෙ ගියේ….”
මේ විදියටයි වත්සලා දියලගොඩ ඇගේ අදහස් දක්වලා තිබුනේ.