උණුසුම් පුවත්
Search
WATHSALA

”ඉස්සර මම ඉස්කෝලේ යන්නැති දවසට හැංගිලා ඉඳලා නංගි වෑන් එකට නැග්ගම බායි කියනවා” – වත්සලා දියලගොඩ

431

කලා ක්ෂේත්‍රයේ කවුරුත් කතා බහට ලක් කරන එකම වගේ ඉන්න අක්කයි නංගියි දෙන්නම ඉහල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගත් චරිත දෙකක්. ඔවුන් දෙදෙනා තමයි වත්සලා දියලගොඩ සහ බුවනි චාපා දියලගොඩ. රූපය වගේම කටහඩත් එක හා සමාන මේ සුරූපිනියන් දෙදෙනා කලා ක්ශේෂ්ත්‍රය තුල තම විවිධ දක්ෂතා ගෙන හැර දක්වපු රංගන ශිල්පිනියන් දෙපළක්.

No photo description available.

ඉතින් වත්සලා කියන්නේ පුංචි තිරයේ සුරූපිනියක් වගේම එදා ඇය ස්වාධීන රූපවාහිනිය හරහා ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන් කාගේත් ආදරය ලබා ගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම සැබෑ ජීවිතයේදී ඇය ආදරණීය මවක් නිසාම ඇගේ කලා ගමන මදකට නතර කරන්නේ තම පවුල් ජීවිතය වෙනුවෙන්. නමුත් මේ වන විට වත්සලා නැවත රංගනය කරන්නට සූදානමින් ඉන්නවා කියලයි ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

May be an image of 1 person, standing, tree and outdoors

නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් වෙන වත්සලාගේ නැගනිය බුවනි විවාහ වෙලා සිටින්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක් සමගයි.

No photo description available.

ඉතින් ඇය මේ වන විට උතුම් මව් පදවිය ලබන්න ඇගිලි ගනිමින් ඉන්නවා කියලා ඇගේ සමාජ මාධ්‍ය හරහා ඇයට ආදරය කරන රසිකයින්ට දැන ගන්න පුලුවන්. ඒ වගේම බුවනි මේ වන විට පුංචි තිරය හරහා දැක ගන්නට ලැබෙන්නේ නෑ. මේ අක්කගෙයි නංගිගෙයි සුන්දර ළමා කාලය ගැන ඔවුන් සහභාගි වූනු රූපවාහිනී වැඩ සටහනකදී කියලා තිබුණෙ මේ විදියටයි.

No photo description available.

”ඉස්සර මම ඉස්කෝලේ යන්නැති දවසට නංගි නැගිටින්න කලින් මම නැගිටිනවා. මට එදාට දවල් වෙනකම් නිදා ගන්න වෙන්නෙ නෑ. මම නැගිටලා හැංගිලා ඉන්නවා මම ඉස්කෝලේ ගියා වගේ දැනෙන්න නංගිට. නංගි ලෑස්ති වෙලා වෑන් එකට නැග්ගම මම එලියට ඇවිත් බායි කියනවා. එයා හූ තිය තියා අඩනවා බස්සන්න කියලා.”

මේ විදියටයි වත්සලාගේ සහ බුවනිගේ සුන්දර අතීත කතා ඔවුන් කියලා තිබුනෙ..

May be an image of 3 people and outdoors