උණුසුම් පුවත්
Search
sachin liyanage

”දුෂේනි හමුවෙන්න කලින් තමයි මගේ ජීවිතේ ගොඩක් හිත් රිදීම් වෙලා තිබුණේ” – සචින් ලියනගේ

5693

මේ දින වල දුෂේනි ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි චරිතයක් තමයි රනගන ශිල්පී සචින් ලියනගේ කියන්නේ. ඉතින් මේ ඔහු සමඟ කළ නවතම පුවත්පත් සාකච්ඡාවකින් උපුටා ගත්තක්.

ළඟදීම සචින් රංගනයෙන් දායක වුණු පළමු සිනමාපටය තිරගත වෙන්න සූදානම් නේද?

ඔව්.. මම රංගනයෙන් දායක වුණු “විසල් ආදරේ” සිනමා පටය ළඟදිම තිරගත වෙන්න නියමිතයි. එය තමයි මම දායක වුණු ප්‍රථම සිනමා පටය වෙන්නෙ. එය ගිය වසරේදී රෑගත කිරීම් කළා. ඒ ලබපු අත්දැකීම් ගොඩක් වටිනවා. මගේ ලොකුම හීනයක් වුණෙත් සිනමාවට පය තබන්නයි. මම මේ වෙද්දි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වසර හතක් වෙනවා. ඒ වසර හතකට පසුව ලැබුණු සිනමා අත්දැකීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

May be an image of 1 person, beard and sleepwear

පසුගියදා පැවති රයිගම් සම්මාන උළෙලේදි “ජනප්‍රිය නිළිය” ලෙසින් සම්මාන ලැබූ දුෂේනි මියුරංගි, ඇගේ මවටත් පියාටත් පසුව ඇයට තියෙන වටිනාම චරිතය සචින් කියලයි කිව්වේ. එවැනි පැසසුමක් ලබන්න ඔය තියෙන සම්බන්ධකම ගැන කියන්න?

අපි දෙන්නා සහයෝගයෙන් ජීවිතය ගෙන යනවා…. දුශේනිගේ වැඩ වලට මම උදව් කරනවා. මගේ වැඩ වලට දුශේනි උදව් කරනවා. ඉතින් දුශේනිට එහෙම කියන්න හිතෙන්න ඇති….. මාත් එක්ක ඉන්න කෙනෙක්ට සම්මානයක් හෝ ඇගයීමක් ලැබුණාම ඒක මට ලොකු සතුටක්. ඉතින් දුශේනිට සම්මානය ලැබීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. සතුටු වෙනවා.

No photo description available.

මේ දිනවල විකාශය වෙන “කියා දෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතයෙන් ඔබ ඉවත් වුණා. බොහෝ දෙනා විවිධ කතා කිව්වා…… ඇත්තටම සචින් එවැනි ජනප්‍රිය චරිතයකින් ඉවත් වුණේ ඇයි?

සමහර නිර්මාණ කාලයක් යද්දි එම නාලිකාවේ හෝ නිෂ්පාදකයාගේ කැමැත්ත මත අනවශ්‍ය විදිහට ඇදගෙන යන අවස්ථා තියෙනවා. ඒකෙන් සමහර විට නිර්මාණයේ තියෙන ගුණාත්මකභාවයට හානි වෙන්න පුළුවන්….. අවශ්‍ය දේ ඉක්මනට දීලා ඉවර කළාට පස්සේ ඒකේ සාර්ථකත්වයක් තියෙනවා කියලයි මම හිතන්නේ. අතරමග දි ඒ චරිතයේ අඩුවීමක් තිබුණා. ඉතින් ඒ නිර්මාණයේ මගේ චරිතය ටිකක් ඉස්මතු කරන්න කියලා මම කිව්වා…. හැබැයි ඒ අය ඒ ගැන එච්චර තැකීමක් කළේ නැහැ. නිර්වාන් කියන්නේ එහි ප්‍රධාන චරිතයයි. ඒ චරිතයේ ඇතැම් තැන් වෙනස් කරන්න කියලා මම ඒ අයට යෝජනා කළා. නිර්වාන්ගේ චරිතය දවසින් දවස පහළට යනවා කියලා මටම තේරුණා. හැබැයි ඒ අය ඒක කළේ නැහැ. ඒක නිසා මම නැතුව ඒ ටෙලිනාට්‍ය කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතලා මම ඒ චරිතයෙන් ඉවත් වුණා.

No photo description available.

පහුගිය කාලයේදි සචින් ජීවිතේ මුහුණ දුන් හිත් රිදීම්, ආදර සම්බන්ධකම් නිසා ඇතිවුණු හිත් කඩා වැටීම්වලදි දුෂේනි හිත හදාගන්න උදව් කළේ කොහොමද?

දුෂේනියි මායි හඳුනාගෙන දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. මේ කාලෙදි නම් මගේ එහෙම හිත් රිදීම් වෙලා නැහැ….. ඊට කලින් තමයි මගේ ජීවිතේ ගොඩක් වැටීම්, හිත් රිදීම් වෙලා තිබුණෙ. ඒ කාලෙදි මගේ ළඟ අම්මා හිටියත් කවුරු හිටියත් මම ඒවා කාටවත් කිව්වේ නැහැ….. මම ඒවා තනියම විඳ දරා ගත්තා. කොහොමටත් මම නිසා මගේ වටේ ඉන්න අය දුකින් ඉන්නවට මම ආසා නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට මගේ ජීවිතේ තීරණය ගත්තෙත් තනියමයි.

No photo description available.

දුෂේනිව ජීවිතේට සමීප කරගන්න හේතු වුණේ මොනවද?

එහෙම විශේෂ හේතුවක් වුණේ නැහැ. මුලින්ම දුෂේනියි මමයි එක්තරා නාලිකාවක විකාශනය වූ ටෙලිනාට්‍යයක එකට රඟපෑවා. එහෙම වැඩ කරගෙන යද්දි එයා ගොඩක් හොඳයි කියලා මට හිතුණා….. ඉතින් එයයි මමයි එහෙම සමීප වුණා. මේක කවදා ඉවර වෙයිද, ඉදිරියේදි මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. අද දවසේ අපි හොඳින් ඉන්නවා කියලා දන්නවා. දුෂේනි කියන්නෙ ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්….

අද දවස ගැන මොකද හිතෙන්නේ?

ජීවිතයේ අද දවස ගැන සතුටුයි. හැමදාම බාධකත් එක්ක ඉස්සරහට යනවා. බාධක අඩු වෙලා මේ ගමන යන දවසක් කවදා හරි ඒවි කියලා විශ්වාසයක් තියෙනවා…. ඒ බාධක අඩුවෙනකම් මගේ කකුල් තියලා පුළුවන් තරම් දුරක් මම ඇවිදගෙන යනවා.

No photo description available.

No photo description available.

No photo description available.

දිශානි ජයමාලි