උණුසුම් පුවත්
Search
madhawa

”බඳින්න කලින් නදුනිව අපේ ගෙදර ගෙන්නගෙන මගේ කාමරේ එයාට දුන්නා” – ලිවින් ටුගෙදර් ඉඳපු මාධව කියන කතාව

531

මාධව විජේසිංහ කියූ සැනින් අපි කාගේත් ආදරේ දිගාගෙන සිටින දක්ෂ නිවේදකයෙක් මතකයට එනවා. දෙරණ රුපවාහිනියේ නිවේදකයෙකු ලෙසින් සේවය කරන ඔහු ඒ තුලින් තමයි කා අතරත් ප්‍රකට වෙන්නේ. මේ වන විට විවාහ දිවියට ඇතුල් වෙලා ඉන්න ඔහු විවාහ වෙන්නේ පෙම් සබඳතාවයකින්. ඉතින් ඔහුගේ අලුත් විස්තර ගැන මාධ්‍යට පවසලා තිබුනේ මෙහෙමයි.

සිය බිරිඳ ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙම….

”නදුනිටත් මට වගේම රඟපාන්න පුලුවන්, නටන්න, සින්දු කියන්න හැමදේම පුලුවන්. විදේශ රටක ඉගනගත්ත නිසා ඉංග්‍රීසිත් හොඳට පුලුවන්. එයා ගැන කියනවා නම් ඉතින් වැඩිය කන්නේ නැහැ. ඩයට් කරනවා… ෆෘට් ජුස් වගේ දේවල් තමයි වැඩිපුර බොන්නේ.. සැහැල්ලු අහාර ගන්නවා…. අපි දෙන්නා අවුරුදු ගානක් ආදරේ කරලානේ විවහා වුනේ, විවහා වෙන්න කලිනුත් මම එයාට කිව්වේ අපි ගැළපෙන්නේ නැත්නම් කතාබහ කරලා ඈත් වෙමු කියලා. ඒක සංස්කෘතියට කොච්චර ගැලපෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ…”

006

විවාහ වෙන්න ඉන්න අයටත් මාධාවගෙන් උපදෙසක්….

”හැබැයි මම කියන කතාව විවහා වෙන්න ඉන්න ඕනම කෙනෙක්ට වටිනා දෙයක් කියලා හිතනවා. දෙන්නෙක් විවාහයක් කරගන්නවා කියන්නේ ජිවිත කාලෙම එකට ඉන්න ඕන. දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැතුව ප්‍රශ්නත් එක්ක ජිවත් වෙන්න බැහැනේ. ඒකට හොඳම විසඳුමක් තමයි කොල්ලයි කෙල්ලයි කාලයක් එකට ජිවත් වෙලා බලන්න ඕන…. මම නදුනි එක්ක විවහා වෙන්න කලින් එකට ජිවත් වුනා….

8 2

අපේ ගැලපීම් නොගලපිම් මොනවද කියලා අඳුරගන්න හැකියාව ලැබුනා. නදුනි ඉගනගන්න කාලේ බෝඩිමක නැවතිලා හිටියේ. ඊට පස්සේ එයාව අපේ ගෙදර ගෙන්නගෙන මගේ කාමරේ එයාට දුන්නා. අපේ අම්මලත් මට වැඩිය නදුනිට ආදරෙයි, මුලින්ම හිටියේ වෙනම…. කාලයක් යද්දී අපි දෙන්නම එකට ඉන්න පුරුදු වුනා. අපිට අපිව තේරුම් ගන්න හොඳම අවස්ථාවක් ඒකෙන් ලැබුනා.”

115

”ලිවින් ටුගෙදර්” ගැන මාධව කිව්වේ මෙහෙම දෙයක්…..

”නදුනි ගෙදර ඉන්න වෙලාවට මට කන්න බොන්න හැමදෙයක්ම හදලා දෙනවා…. පෞද්ගලිකව මම හිතනවා ”ලිවින් ටුගෙදර්” කියන කන්සෙප්ට් එකේ හොඳ පැත්තක් තියනවා කියලා…. ගොඩක් රටවල් වල මේ වැඩේ කරනවා. අපේ රටේ අයගේ අදහසට අනුව විවහා වෙන්න කලින් දෙන්නෙක් කවදාවත්ම එකම ගෙදර ඉන්නේ නැහැ. හැබැයි සතුටින් ජිවිතේ ගතකරන්න දෙන්නට දෙන්න තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ඒක… ”

09 1
022
003
image 402

Source – Nai fm

Photos – Madhawa Wijesinghe fb page




Leave a Reply

Your email address will not be published.