මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ දුෂ්ටයාගේ චරිතයට පණ පොවපු කෙනෙක් තමයි වසන්ත කුමාරවිල කියන්නේ. මේ දිනවල කවුරුත් කතා බහට ලක් කරන සිනමා නිර්මාණයක් වන සුරංග අල්විස්ගේ ‘ද ගේම්’ චිත්‍රපටයේ නසීර් නම් චරිතය තුලින් ද ඔහුව දැකගන්න පුළුවන්. වර්ථමාන තිරයේ සටන් නකුවෙක් විදියට දකින ඔහු මේ වෙනකොට සිනමා නිර්මාණ බොහෝමයක් තුලින් දැකගන්නට ලැබෙනවා. ඒ අතර රන් සයුර, රන්ජා, මහරජ අජාසත්, සින්හාවලෝකනය, ජීවිතේ ලස්සනයි වැනි නිර්මාණ තුලින් අපිට දැකගන්න පුලුවන්. ඒ වගේම දුෂ්ටයා චරිතය තුලින් තමයි ඔහු බොහෝ විට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නේ. ඉතින් ඔහු මේ දිනවල දැඩි සේ කතා බහට ලක්වෙන ‘ද ගේම්’ චිත්‍රපටයේ චරිතයක් රංගනය කරනවා.
මෙවැනි නිර්මාණයක රංගනය කරන්නට ලොකුම හේතුව තමයි රටේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් අල්ලා තිර පිටපත ලියා තිබෙන නිසා කියලයි මේ දක්ෂ රංගන ශිල්පියා සදහන් කරන්නේ.

තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් පුලුවන් උපරිමයෙන් කරන කෙනෙක් තමයි වසන්ත කුමාරවිල කියන්නේ. රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙකු විදියට කලාව තුළ වැඩ කටයුතු කරන ඔහු පසුගිය දා පුවත්පතක් සමගින් ඔහුගේ අදහස් හුවමාරු කරගෙන තිබුණා.
” මම සිනමා හෝ ටෙලි කියන ඕනෑම වැඩකදී වැඩේ භාර ගන්නෙ වැටුප මුදල ගැන අහලා නෙමෙයි. මුදලට වඩා මම හිතන්නේ බාරගන්න වැඩේට උපරිම සාධාරණයක් ලබා දෙන්නයි…. වැඩියෙන් වැඩ කරලා ලැබෙන මුදලින් සතුටු වෙන පිරිසක් බිහිවුණදාට අපේ රට දියුණු වෙයි….

මගේ ලොකු දුව එංගලන්තෙ ඉගෙනගන්නෙ. පොඩි දුව නම් තවම සමාන්‍ය පෙළ කරල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගෙයි බිරිදගෙයි අරමුණ රට හදන්න කලින් ගෙදර හදන් ඉන්න ඕනි කියන එක….’’




Source – Kotuwa pattare
Photos – Wasantha Kumaravila fb account
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)