උණුසුම් පුවත්
Search
kottu

ලයිට් බිල වැඩියි කියා බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු මිලත් ඉහළට

380

විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු ඇතුළු ක්ෂණික කෑම මිල අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කර තිබේ.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවේ එම මිල 10%කින් වැඩි කෙරෙන බවය.

මින් ඉහත කොත්තු ඇතුළු පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදන මිල, පාන් පිටි මිල ඉහළ ගිය අවස්ථාවේ වැඩි කළ මෙම සංගමය පාන් පිටි මිල විශාල ලෙස පහත ගිය ද වෙනසක් කර තිබුනේ නැති අතර දැන් විදුලි බිල පෙන්වා තවත් වැඩි කිරීමට කටයුතු කර ඇත.