උණුසුම් පුවත්
Search
k sujeewa

”අම්මා නිසා අපි ගෙයි මුල්ලේ යකඩ පොලු තියන් ඉන්නේ” – කේ. සුජීවාගේ දියණිය කියූ කතාව

1951

”ඉගි මරන තරු රෑන” ගීතය තුලින් ප්‍රේක්ෂක හදවත්හි ලැගුම් ගන්න හැකි වුණු ගායිකාවක් තමයි කේ. සුජීවා කියන්නේ. ඇය ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි කෙනෙක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ විවිධ චෝදනාවට හසුවන කේ. සුජීවා සමාජ මාධ්‍ය හරහාත් නිතරම කතා බහට ලක් වෙන චරිතයක්. ගායිකාවක් මෙන්ම දරුවන් දෙදෙනෙකු සමඟ තනිවුණ ඇය දරුවන් දෙදෙනාත් සමඟ ඉතාමත් විනෝදයෙන් ජීවිතය ගෙවන කෙනෙක් බව නොරහසක්.

image 260

කේ.සුජීවට ආදරණීය දියණියන් දෙදෙනෙක් ඉන්නවා. අංජලී සහ රෝස් කියන්නේ කවුරුත් දන්න ගායිකාවන් දෙන්නෙක්. අම්මගෙම අඩි පාරේ යන අංජලී සහ රෝස් කල මාෂප් එකක් සමාජ මාධ්‍ය හරහා බෙහෙබින් සංසරණය වුණා. ඉතින් කවුරුත් ආදරේ කරන කේ. සුජීවගේ ලොකු දුව අපිට ඇගේ යූ ටියුබ් නාලිකාව හරහා දැක බලා ගන්නත් පුලුවන්….. ඒ වගේම වේදිකාව තුළ ඔවුන් තිදෙනා ගායනා කරනවාත් අපි දකිනවා.

image 261

ඉතින් මේ වන විට ව්‍යාපාරයක් කරගෙන යන අංජලීගේ ආසාව අනුව තමයි ඇගේ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ. ඒ වාහන මොඩිෆයි කරලා විකුණනවා. ඉතින් ඒ විදියට ව්‍යාපාරයක් කරගන්න අංජලී ගෙදර ඉන්න පොඩිම රෝස්ට වඩා ගොඩක් සංවේදියි. ඉතින් පිරිමියෙක් නැතිව ගෙදර ඔවුන් ජිවත් වෙන විදිය ගැන මේ විදියටයි ඇය පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

image 259

”අපි වාහනේ යකඩ පොලු තියන් ඉන්නවා… ගෙදර මුලෙත් යකඩ පොලු තියන් ඉන්නේ. ගෙදර පිරිමියෙක් නැති එක තවම ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් බයයිනේ…. ඒකයි ලෑස්ති වෙලා ඉන්නේ. මොකද අම්මා මාල වළලු පුරවගෙන ඉන්නේ….’’

image 263

මේ විදියටයි කේ. සුජීවගේ දුව අංජලී අදහස් දක්වලා තිබුණේ.

image 264

පසුගිය කාලයේ අජිත් මුතුකුමාරණ සමඟ එක්ව දිවි ගෙවූ කේ. සුජීවා ඔහුගෙන් වෙන්වීම ගැනත් සමාජ මාධ්‍ය තුළත් බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ සිදුවීමක් වුණා.

image 262