කලකට ඉහත අපි අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච සිනමාපටයක් තමයි ඒ ලෙවල් චිත්‍රපටය කියන්නේ.. ඒ ලෙවල් චිත්‍රපටය තුළින් සිනමාවට ප්‍රවිෂ්ට වුණා බොහොම හැඩකාර රූමතියක් ඇය නමින් නිවර්තනා දේවගේ. ටෙලි නාට්‍ය රැසකම රංගන දායකත්වය ලබා දුන් ඇය.. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ලොක්කා ටෙලිනාට්‍යයේ prasadi ලෙසින්. වේදිකාව ඔස්සේ රංගනයට මුල් අඩිතාලම දැමු නිවර්තනා. ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසක් නියෝජනය කරන්න වාසනාව ලැබුවා. ජීවිතේ කලා තොරතුරු මෙන්ම පුද්ගලික තොරතුරු ගැනත් ඇය ජාතික පුවත්පතකට පවසලා තිබුනෙ මෙන්න මෙහෙම අදහසක්.
මේ දවස් වල ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ . විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සමඟ රූපගත කිරීම් කරගෙන යනවා. රටේ වර්තමාන තත්ත්වය එක්ක කියන්න තරම් හොඳකුත් නැහැ. බාධාවක් ඇති වෙලා නැහැ කියන්න බැහැ මොකද මං ඒලෙවල් කරන කාලෙ තමයි මට සිනමාවට ආරාධනා ලැබෙන්නේ. මගේ හිතෙ අධ්‍යාපනයට වඩා රුචිකත්වයක් තිබුනේ. රංගනයට නාට්‍ය කලාවට සහ සංගීතයට. ගොඩක් බාධා මැද තමයි සිනමාවට අවතීර්ණ වෙන්නේ. අප්පච්චිගෙන් ඒ ලෙවල් චිත්‍රපටිය රඟපාන්න permission හම්බෙන්නෙ බොහොම අමාරුවෙන්. සිනමා කටයුතු නිසා මට පළවෙනි පාර ඒ ලෙවල් වල ප්‍රතිඵල හොඳට ගන්න බැරි වුණා. දෙවෙනි පාර තමයි ඒ සාමාර්ථ තුනක් එක්ක විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවේ.
මේ හැඩකාර තරුණිය තමන්ගේ ජීවිතයේ ආදර කතාව ගැන ඇහුවහම ප්‍රකාශ කළේ ප්‍රේමය හරිම බරපතළ මාතෘකාවක් ( ඇය ගොඩක් සිනාසෙමින් එහෙම කිව්වේ) කරලා තියනවා ප්‍රේමය සුන්දරයි.. හැබැයි ප්‍රේමය සුන්දර වෙන්නෙ සුන්දර මිනිස්සු හමු උනහම. ප්‍රේමයේ නිසා වැටුන තැනුත් තියනවා ආයෙත් නැගිටින්න හයියක් උන තැනුත් තියනවා . දැන්ම මගේ ප්‍රේම කතාව කියන්න බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියට මට තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ ගෙවෙන්නේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර නිසා අධ්‍යාපන කටයුතු වලට කාර්යබහුලයි. හොඳ නිරූපණ කිහිපයක් ඉස්සරහට එන්න තියෙනවා. කියමින් ඇය ඇගේ කතාව අපිත් එක්ක අවසන් කලා.