මේ දවස්වල මුළු ලංකාවේම අතිශය ජනප්‍රිය ගීත අතරින් ඉහලින්ම තියෙන ගීතයක් තමයි ”අයියෝ සාමී” කියන ගීතය.
මේ ගීතය ගායනා කරන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගායන ශීල්පියෙක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණිය දියණිය වන වින්ඩි ගුණතිලකයි.

දෙමාපියන්ගේ ලැබුණු කටහඬේ දායාදයත් එක්ක ඇය මේ ගීතය ගායනා කරන්නේ හරිම අපුරු විදිහට.

ඉතින් මේ වෙනකොට මෙම ගීතයට ලංකාවෙන් විතරක් නෙවේ ඉන්දියාවෙන් පවා ඉහල ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

දමිළ භාෂාවෙන් ගැයෙන නිසා මේ ගීතයට ලොව පුරා බොහෝ දෙනා ආදරය කරන බව නම් නොරහසක්.
අපි බලමු ඉදිරියට යොහානිට වගේම වින්ඩි ගුනතිලකටත් මුළු ඉන්දියාවේම ආදරය මෙම ගීතයට ලැබෙයිද කියලා….
