මෙරට නිරූපණ ක්ෂේත්රය තුළ ඉන්න කොයි කාගෙත් ආදරය හිමිකර ගත් සුරූපිනියක් තමයි පියුමි හංසමාලී කියන්නේ. කොහොම වෙතත් පියුමි ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඊට හේතුව වෙන්නේ ඇයව මෙරට නොහදුනන කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය ජනප්‍රියයි කිව්වොත් නිවැරැදියි.
සමාජ ජාලා මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක් වන ඇය මේවෙන කොට වැඩිම ෆලෝවර්ස්ලා ඉන්න කෙනෙක් හැටියටත් ඇයගේ රසිකයින් අතර බෙහෙවින් ජනප්‍රියයි.

ඉතින් පියුමි කිව්වම කොයි කවුරුත් කියන්නේ ඇය කෙලින් කතා කරන බොරු ආටෝප නැති කෙනෙක් කියලයි. කොහොම වෙතත් සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය මේ තරමට සුරූපි වීමට හේතුව හැටියට ඇය කියන්නේ විවිධ ක්‍රීම් පාවිච්චි කරන නිසා කියලයි.
ඒ වගේම ”මම නිතරම සැලෝන් වලට යන මගේ රූපය ගැන හිතන කෙනෙක්” කියලත් පියුමි සදහන් කරනවා. කෙසේ නමුත් පියුමි විශ්ව රූ රැජිනියක් ලෙසත් කටයුතු කරනවා.
ඉතින් ඇයට මුහුණ ගැන පමණක් නෙමෙයි ඇගේ ශරීරය ගැනත් හිතන්නට වෙනවා. හැබැයි ඉතින් ඇය නම් කියන්නේ මොන දේ කලත් ඇයට නිරාහාරව ඉන්න නම් බෑ කියලා. ඒ නිසා ඇය නිතරම බත් කනවා කියලයි.

මේ වෙද්දී දරුවෙක් සමගින් තනිව ඉන්න ඇයට මංගල සීනු හැඩවෙලා තියෙන්නේ. ඇත්තෙන්ම ඇය ඉක්මනින්ම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් තමයි පසුවෙන්නේ.
කෙසේ වෙතත් කාලයක් විවාහයක් ගැන හිතෙන්නේ නැහැ කියපු ඇය ඇයව තේරුම් ගත්ත සහ ඇගේ පුතාට ආදරය කරන කෙනෙක් ලැබුණු නිසා ඒ තීරණය වෙනස් කර ගන්නවා.

ඉතින් ඒ විදිහට විවාහයක් ගැන හිතන ඇය පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.
” මගේ මොකක් හරි නිසා පළමු විවාහයෙන් වෙන් වෙන්න වුණා. ඒ වුණත් මට දැන් රජෙක් වගේ පුතෙක් ඉන්නවා. දැන් මම වයසට ගියත් මාව බලාගන්න කෙනෙක් ඉන්නවා. එයා හරි හොද පුතෙක්.

මගේ පුතා මට රෑට බඩගිනි වුණාම එයා මට කෑම හදලා දෙනවා….. ඉතින් මම හිතන්නේ විවාහ වෙන කෙනා එක්කම ඉන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්. ඒත් ඉතින් දරුවෙක් එක්ක ඉන්නව නම් අපි ඊට වැඩිය හිතන්න ඕන.

අලුතෙන් විවාහ වෙන්න කෙනෙක් ඉන්නව නම් මම කියන්නේ එක වතාවක් නෙමෙයි දහස් වතාවක් හිතන්න ඕන විවාහය ගැන. මොකද ජීවිත කාලයම ජීවත් වෙන්න ඕන ඒ කෙනත් එක්ක. විවාහ වෙන්න කෙනෙක් නැත්නම් තනියම ඉන්න. ඉන්න කාලේ සතුටින් ඉන්න. අපි දන්නෙ නෑනේ හෙට මොනව වෙයිද කියලා.’’
ඒ විදිහට තමයි පියුමි පහුගිය දවසක අදහස් දක්වලා තිබුණේ.
ඉතින් මේවෙද්දී රටම හදුනන චරිතයක් වන ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඇය සිතන පතන ආකාරයෙන්ම ඉටු වේවා කියලා අපිත් සුබ පැතුම් එක් කරන්නෙමු.
