උණුසුම් පුවත්
Search
dinusha

”දෙදහස් වතාවක් මනාලියක් වුණා” – දිනුෂා සිරිවර්ධන

182

දිනූෂා සිරිවර්ධන වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූප රචනා වගේම මනාලියන් නිරූපණයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි කලා ශිල්පිනියක්.

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ නෙතූ ටෙලි නාට්‍යය හරහා රංගන ක්ෂේත්‍රයට එකතු වූ ඇය නෙතූ චරිතය හරහා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක්ද දිනාගැනීමට සමත් වුණා.

image 112

තමන්ට ලැබෙන අවස්ථා වලින් බොහෝ චරිත සොයා යන ටෙලි නාට්‍ය ශිල්පිනියන් අතරේ දිනූෂා ටිකක් වෙනස් චරිතයක් කිවහොත් නිවැරැදියි. ඇය මේ වෙනකොට කුඩා දියණියකගේ මවක්. ඇගේ දියණිය තමයි ආරාධ්‍යා ෂයිනි. මේ වෙනකොට අම්මට වඩා දියණිය ජනප්‍රියයි කිව්වොත් හරි. ඉතින් මේ කතාබහ ඇයත් එක්කයි.

image 113

අම්මට වඩා දූ ජනප්‍රියයි නේද?

අම්මෝ ඔව්. මම කොහේට ගියත් හැමෝම අහන්නේ ආරාධ්‍යාව. දැන් හරිම කෝලම් මල්ලක්.

image 114

දිනුෂා බලාපොරොත්තු වුණේ දුවෙක්මද?

දුවෙක්ට තමයි හීන මැව්වේ. ඒ වගේම රෝස මලක් මට ලැබුණා…..

දිනූෂාගේ කලාව පැත්තේ වැඩ කටයුතු කොහොමද?

දුවට දැන් අවුරුදුු දෙකයි. දූ ලැබුණට පස්සේ මම නිරූපණ කටයුතු ඇරෙන්න ටෙලි නාට්‍ය නම් භාරගත්තෙම නැහැ. මේ දවස්වල නම් වැඩි කාලයක් ගත වෙන්නේ දුවත් එක්ක. දුව ලැබිලා මම මාසෙන් වගේ නිරූපන කටයුතු පටන් ගත්තා. ඇත්තටම දරුවෙක් ලැබුණා කියලා මගේ ඇඟ මහත් වෙලාා වෙනස් වුණේ නැහැ. මම හිතන්නේ ඒක නම් පෙර කරපු පිනක්…..

image 106

ඔබව වැඩිපුරම දකින්නේ මනාලියන් නිරූපණයෙන්. මේ වෙනකොට අවස්ථා කියක් විතර මනාලියක් ලෙස හැඩගැන්විලා තියෙනවාද?

මනාලියක් ලෙස හැඩ ගැන්වුණු අවස්ථා ගණන දෙදහක් විතර ඇති. මම රඟපානවටත් වඩා ආසම මනාලියන් නිරූපනයට. ඉස්සර නම් මනාලියක් විදිහට කීප වතාවක් අඳින්න හොඳ නැහැ. නළල් තැල්ල කීපවතාවක් තියන්න හොඳ නෑ වස් වදිනවා වගේ දේවල් කියපු අයත් හිටියා.

image 110

ඒත් මගේ අක්කාත් නිරූපන ක්ෂේත්‍රයේ හිටපු නිසා මගේ අම්මා මම මනාලියන් නිරූපනය කරනවාට ගොඩක් කැමැති වුණා. ඒ මත වල සත්‍යතාවක් නැහැ.

image 109
image 108

නෙතූ ටෙලි නාට්‍යයෙන් පස්සේ ඇත්තටම ඔබට මොකද වුණේ?

නෙතූ ටෙලි නාට්‍යයෙන් තමයි ප්‍රේක්ෂකයෝ මාව හොයන්න ගත්තේ. ඒත් මම ගොඩක්ම ජනප්‍රිය වුණේ වෙළඳ දැන්වීම් හරහා. නෙතූ ටෙලි නාට්‍යයෙන් පස්සේ. මම විවාහ වුණා…. දුව ලැබුණා. ඒවා එක්ක ටෙලි කාට්‍ය නිර්මාණ නම් බාරගන්න බැරි වුණා.

image 104

විවාහයත් එක්ක කලා ගමන නතර වෙයි කියලා හිතුවේ නැද්ද?

මට බයක් දැනුනා. හැමදේම නතර කරන්න වේවි කියලා. ඒත් මගේ සැමියාත් කලාවට සම්බන්ධ නිසා ඔහු තුළ හොඳ තේරුම් ගැනීමක් තිබුණා. ටෙලා නාට්‍යවලින් නම් මම ඈත් වුණේ මගේ කැමැත්තෙන්මයි. ඒත් ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා නම් අඩුවක් නැහැ. ටෙලි නාට්‍ය තෝරා ගනිද්දී නම් දහස් වාරයක් හිතනවා. 

image 111

නදීශා අතුකෝරළ