”විවාහක රූ රැජින කිරුළ” කියන්නේ අපේ රටේ පසුගිය කාල සීමාව තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් මාතෘකාවක්.
2021 වසරේ මේ කිරුළ ලෝකයේම අවදානය දිනාගන්නා තරමට පුවත් මවන්න සමත් වුණා.
කොහොම නමුත් මේකට මුල් වුණ චරිතය තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නේ.
කිරුළ නිසා පොලීසියට, උසාවියට ගිහින් අවසානේ 2020 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා සිටි කැරොලයින් ජූරිගේ කිරුල ගලවන්නට පවා මේ සිද්ධිය ප්‍රකට වුණා.

ඉතින් මේ කියන්න යන්නේ කිරුළ නිසා කතාබහක් ඇති කළ පුෂ්පිකා ගැනයි.
ඇය නිරූපිකාවක් මෙන්ම පසුගිය කාලයේ ක්‍රියාකාරී සමාජ සේවිකාවක් ලෙසත් දේශපාලනයට සම්බන්ධව කටයුතු කරනු දකින්නත් ලැබුනා.

රට වටේම නිතර නිතර සංචාරය කරන්න ප්‍රිය කරන පුෂ්පිකා පසුගිය කාලයේ දේශපාලන වේදිකා වලත් බොහෝ සෙයින් දකින්නට ලැබුණා.
ඒත් ඉතින් දැන් නම් ඇය ඉන්නෙ රට වටේම ඇවිදින ගමන්.

නිතර නිතර නුවර එළියට යන ඇය මීට දවස් කිහිපයකට පෙරත් නුවරඑළියට ගිහින්.

ට්‍රිප් යනවා වගේම තමයි ඒ සෑම මතකයක්ම සමාජ මාධ්‍ය හරහා සිය ආදරණීයන් එක්ක බෙදාගන්නත් ඇය අමතක කරන්නෙ නෑ.
ඒ නිසාම නුවරඑළි ගමනේ අපූරු රූ එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඒ වගේමයි නුවර එළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ සිට ඇය අපූරු සත්කාරයක් ලබාගන්නා අයුරු ද මුහුණු පොතට එක්කර තිබුණේ මෙලෙසින්.

සිය පුතු සමඟ තනිවම වෙසෙන ඇය විවාහ වී සිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟයි.

නමුත් ඇය මේ වන විට ඔහුගෙන් ඉවත් වීමට නීතිමය කටයුතු සිදුකරගෙන යන බවයි වාර්තා වන්නේ.
