උණුසුම් පුවත්
Search
dog cat

”බල්ලන්ගෙන්, පූසන්ගෙන් හොඳටම පරිස්සම් වෙන්න” – වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි

761

ජලභීතිකා එන්නත් වල උග්‍ර හිඟයක් පවතින නිසා සුනඛයින් සහ බළලුන් සපා කෑම් වලින් ආරක්ෂා වන ලෙස මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජලභීතිකා වැළඳීමෙන් වාර්ෂිකව මරණ 25ක් 35ක් පමණ වාර්තා වන බවත් ඒ මහතා කීය.

මෙම මරණ වලින් බොහොමයක් කුඩා සුනඛයන් හපා කෑම් වලට ලක්ව ජලභීතිකා වැළඳීමෙන් සිදුවී ඇති බව නිරීක්ෂණය වූ බව ද ඔහු පැවසීය.

ජලභීතිකා එන්නත් හිඟ වීම නිසා නිවෙස්වල ඇති දැඩි කරන සුනඛයින් හා බළලුන් හැකි සෑම අවස්ථාවේදීම ජලභීතිකා එන්නත්කරණයට ලක් කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

සුනඛයකු, බළලකු හෝ වෙනත් සතෙකුගේ සපා කෑමට ලක්වුවහොත් විනාඩි 05ක් 10ක් සබන් යොදා සෝදා හැර රජයේ රෝහලක් වෙත රෝගියා රැගෙන යෑමට කටයුතු කරන ලෙස ද කිත්සිරි මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා




Leave a Reply

Your email address will not be published.