උණුසුම් පුවත්
Search
siripala gamlath and basil

”බැසිල් ළඟදිම ඇවිත් පොහොට්ටුවට නායකත්වය දෙනවා” – සිරිපාල ගම්ලත්

63

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ සිට නොබෝ දිනකින් මෙරටට පැමිණීමෙන් පසුව පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසනවා.

පොළොන්නරුව – ගිරිතලේ ප්‍රදේශයේ පැවති පාක්ෂිකයන්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

නාමල්, ජොන්ස්ටන් ආදීන් සහභාගී වූ මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පත් කිරීම ද විශේෂිතයි.

මීට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මේ රැස්වීමට පැමිණියේ නැත.

”අපට පොහොර තෙල් අඩුවෙලා යම් ප්‍රශ්නයක් වුණා තමයි. හැබැයි ඒකට වග කියන්න ඕන යහපාලන ආන්ඩුව. ගෙවල් ගි නි තියපුවා අපි ඉවසනවා. මගේ දූ නැතිවුණ එක ඉවසපු මට මේක මොකක්ද….. දැනටත් රටේ විශාලම පක්ෂය අපේ එක. බැසිල්‍ගේ නායකත්වයෙන් අපට ඉදිරියේ නැවත ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්” යැයි ද සිරිපාල ගම්ලත් මෙහිදී කියා සිටියා.