උණුසුම් පුවත්
Search
barbie funeral

මිනීපෙට්ටියට රිංගූ ”බාර්බි මේනියාව” (ඡායාරූප සහිතයි)

236

”බාර්බි” නවතම සිනමාපටයත් සමඟ ලෝකය පුරා බාබිලෝලීන් දකින දකින තැන රෝස පැහැ ගන්වන්නට කටයුතු කරමින් සිටියදී එල් සැල්වදෝරයෙන් අසන්නට ලැබෙන්නේ ඒ බාබිමේනියාවේ අන්තයටම ගිය පුවතකි.

එනම් ග්වාතමාලාවේ මායිම අසල අවුචාපන් නගරයේ ඇල්ෆා සහ ඔමේගා අවමංගල්‍ය ශාලා වල රෝස පැහැ ගැන්වූ ලීයෙන් සකස් කරන ලද බාබි මුහුණු පින්තාරු කළ ලයිනින් යෙදූ මිනී පෙට්ටි අලෙවියට තබා තිබීමෙනි.

A funeral home in El Salvador offers pink coffins with Barbie linings - ABC News

හිමිකරු ඉසාක් විලේගාස් පැවසුවේ බාර්බි චිත්‍රපටයේ ජූලි මංගල දර්ශනයට පෙර රෝස මිනී පෙට්ටි විකල්පය සිය පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කළ බවයි.

ලතින් ඇමරිකාව පුරා පැතිර ගිය බාබි උන්මාදය නිසා බෝනික්කාගේ පින්තූර වලින් මිනී පෙට්ටි වල රෙදිපිළි අලංකාර කිරීමට හිමිකරුට ඕනෑ විය.

Jasmine Allsop Funeral

ලතින් ඇමරිකාව රෝස පැහැති ආහාර එනම්, ටාකෝ සහ පේස්ට්‍රි, බාර්බි ලාංඡනය සහිත වාණිජ ගුවන් යානා, දේශපාලන දැන්වීම් මෙන්ම බාර්බි තේමා කරගත් විරෝධතා සමඟ බාර්බි උන්මාදයට ලක්ව සිටි.

‘‘මම කියන්නේ අපි මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක යන්න ඕන’’ කියන විලේගාස් මිනී පෙට්ටි ගැන පැවසුවේ, ‘‘ඒක සාර්ථකයි’’ යනුවෙන් ද සඳහන් කරමිනි.

barbie coffin 1

අවමංගල්‍ය ශාලා වලින් දැනටමත් බාර්බි මිනී පෙට්ටි පිළිබඳ ප්‍රවර්ධන ව්‍යාපාරයක් දියත් කර ඇත.

ඒවායින් 10ක් විකුණා ඇති බව ද ඔහු පැවසීය.

“ඇත්ත වශයෙන්ම පුද්ගලයන් 10 දෙනෙකු ඒ පෙට්ටි වල තැන්පත් කළ බව එයින් අදහස් වෙන්නේ නෑ” යැයි පවසන ඔහු පෙන්වා දෙන්නේ එල් සැල්වදෝරයේ බොහෝ අය අනාගත භූමදානය සඳහා පෙර ගෙවුම් පැකේජයක් මිලදී ගන්නා බවයි.

මිනී පෙට්ටි අලෙවිකරුවන්ගේ ප්‍රවර්ධන පුවරුවක “දැන් ඔබට බාබි කෙනකු සේම සමාදානයේ සැතපෙන්න පුළුවන්” යැයි සඳහන් විය.

NYPICHPDPICT000016189260