අරගලය නිසා රටේ ප්‍රශ්න තවත් උග්‍ර අතට හැරෙන බවත් මේ නිසා අන්තරය තහනම් කරන ලෙසත් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ තෝලංගමුවේ සුනන්දාරාම විහාරස්ථානයේ අඩු අදායම්ලාභී පවුල් සඳහා වියලි ආහාර පාර්සල් බෙදා දීමෙන් පසුව පැමිණ සිටි පිරිස අමතමිනුයි.
දේශපාලඥයන් සමග ඇති වෛරය මැතිවරණ කාලයේදී විසදා ගත යුතු බවත් ඒ සදහා මහජනතාව පාවිච්චි නොකරන ලෙසත් උන්වහන්සේ අවධාරණය කරන ලදි.
එමෙන්ම අරගලය නිසා රථ වාහන තදබදය ඇති වෙන බවත් මිනිසුන්ට ලබා දෙන ඉන්ධන නිකරුනේ මහපාරේ විනාශ වී යන බවත් එහි දී ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රාහාරයෙන් මියගිය අය වෙනුවෙන් අපේ සිංහලයො පිංකම් කරද්දි කාදිනල්තුමා පාස්කු ප්‍රාහාර ගැන කියන්න රට වලට ගිහින් මේ රටට ආධාර දෙන්න එපා කිවූ බවයි.
සාලිය ගමසිංහ ආරච්චි
Source – Aruna