උණුසුම් පුවත්
Search
ranil 1 1

ද්‍රවිඩ සංවිධාන 06ක තහනම ඉවතට

85

පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛනගත කර ඇති සංවිධාන 06ක තහනම මෙලෙස ඉවත් කර ඇති අතර එම සංවිධාන වන්නේ,

  1. ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
  2. ගෝලීය දෙමළ සංසදය
  3. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව
  4. ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය
  5. කැනේඩියානු දමිළ කොංග්‍රසය
  6. බ්‍රිතාන්‍ය දමිළ සංසදය

යන සංවිධානයි.

පසුගිය කාලසීමාව තුළ මෙම සංවිධාන වල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනය කිරීම්වල දී ඉදිරිපත් වූ නිර්දේශ අනුව පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බව ජනපති යටතේ පවතික ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ.

පසුගිය දිනවල පැවති සර්ව පාක්ෂික පාලන කථාබස් අනුව රජය සමග එක්වීමට කොන්දේසි ලෙස ඇතැම් ද්‍රවිඩ පක්ෂ මෙම තහනම ඉවත්කිරීමේ ඉල්ලීම් සිදු කර තිබුණි.




Leave a Reply

Your email address will not be published.