සම්මානලාභී රංගන ශිල්පී ධර්ෂන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 41 හැවිරිදි වියේ පසු වූවා.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ.
සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ A9 ටෙළි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඔහු අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ඉනිඅවන් චිත්‍රපටයේ හිටපු කො ටි සාමාජිකයෙකු ලෙස රගපෑමෙන් සම්මානයට පවා පාත්‍ර වූවා.

”හොදම නළුවා” ලෙස ඔහු සම්මාන උළෙල රැසකින් සම්මාන හිමි කරගෙන ද තිබෙනවා.
මොහු උපත ලැබුවේ රක්වාන නගරයේ වන අතර ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත.
එමෙන්ම විශිෂ්ඨ රංග පෞරුෂයක් හිමි අයෙක් ලෙස බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ආදරය හිමිකරගත් ධර්ෂන්ගේ අභාවය මුළු රටටම අඩුවක් බවත් සමාජ මාධ්‍ය ඔඅස්සේ බොහෝ දෙනා ශෝක ප්‍රකාශ මඟින් සඳහන් කර සිටිනවා.
