පසුගිය දා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් වූ තරගාවලියෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ දැඩි ආකර්ෂණයක් හිමි කර ගැනීමට සමත් වූ, වර්තමාන ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Pat Cummins ඊයේ දිනයේ දී විවාහ දිවියට එළැඹ තිබෙනවා.
ඒ ඕස්ට්‍රේලියාවේ Byron Bay හිදි පැවති චාම් විවාහා උත්සවයක් අතරතුරයි.

මේ වන විට 29හැවිරිදි වියේ පසුවන Pat Cummins විවාහ තිබෙන්නේ 31හැවිරිදි වියේ පසුවන Becky Boston නම් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත තරුණියක සමඟයි.
2013 වසරේදි පෙම් සබඳතාවය ඇරඹු මේ දෙදෙනාට මේ වන විට මාස 9ක් වයසැති සිඟිත්තකු ද සිටිනවා.

මෙම විවාහ උත්වය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රිඩකයන් රැසක්ම සහභාගී වී තිබුණා.

