ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන එමින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රෙලියාවේ දී චෝදනාවකට ලක්වීම මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ මුල් පෙළේ සිරස්තල මවන සිදුවීමක් බවට පත්ව තිබේ.
අද (11) දින ලෝ ප්‍රකට සීඑන්එන් නාලිකාව සිය වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කර තිබුනේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ධනුෂ්ක සිය නීතීඥයින් මාර්ගයෙන් මෙම හැසිරීම දෙන්නාගෙම කැමැත්තෙන් සිදු වූ එකක් බවට ඒත්තු ගන්වන්නට උත්සාහ දැරුවත් නඩුවේ දී අවාසි විය හැකි පැති ගණනාවක්ම තිබෙන බවයි.

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ මීට මාස 5කට පමණ පෙර පසුගිය ජුනි මාසයේ සංශෝධනයට ලක්වූ ඕස්ට්‍රෙලියාවේ නීති පනත් වලින් අපයෝජනයට ලක්වන අයට වාසිදායි ලෙස හඳන්වා තිබූ වගන්ති කිහිපයක් තිබීමයි.
පොලිස් ලේඛනයට අනුව කාන්තාව චෝදනා කරන්නේ ගුණතිලක කොන්ඩම් පැළඳීම ප්‍රතික්ෂේප කළ බවත්, තමාගේ ගෙල තුන් වතාවක් සිර කළ බවත්ය.
ගුණතිලක අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට දුන් කට උත්තරයේ කාන්තාව කියූ සමහර කතා සනාථ කළ නමුත් ඔහු අදාළ සිද්ධියේදී ප්‍රචණ්ඩකාරී වූ බව හෝ කාන්තාවගේ කැමැත්ත නොදුන්නාය කීම ප්‍රතික්ෂේප කළේය.

“පැමිණිලිකරු විත්තිකරුගේ මැණික් කටුව අල්ලාගෙන ඔහුගේ අත ඉවත් කිරීමට උත්සාහ කළ නමුත් විත්තිකරු ඇයගේ ගෙල වටේ තදින් මිරිකුවා” යනුවෙන් පොලිස් ලේඛනයේ සඳහන් විය.
එසේම “පැමිණිලිකාරිය ඇගේ ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි විය,” යනුවෙන්ද දන්වා තිබුණි.
උපත් පාලන කොපුවක් හෝ වෙනත් කිසිදු ක්‍රියාවක් නොමැතිව සංසර්ගයේ යෙදීමට කාන්තාව එකඟ නොවූ බව කාන්තාවගේ නීතීඥයන් අධිකරණයේදී කරුණ පළ කර ඇත.

මෙම වසරේ, ජූනි මාසයේදී සංශෝධනයට ලක්වූ ඕස්ට්‍රෙලියානු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නීති අනුව සහකරුවන් සංසර්ගයේ යෙදීමට පෙර වචනයෙන් හෝ අභිනයෙන් කැමැත්ත ලබා ගත යුතු බවත්, සහකරුවන්ට කැමැත්ත පැහැදිලි කිරීමට වගකීමක් ඇති බවත්, කැමැත්ත පිළිබඳ දැඩි කළ නව නීති වගන්ති තුළ දැක්වේ.
එක් ක්‍රියාවකට කැමැත්ත ලබා දීමෙන් වෙනත් ක්‍රියාවන් සඳහා කැමැත්ත සහතික නොවන බවද නීති වගන්ති වල දැක්වේ.
පැමිණිල්ලට අනුව ඇය කොන්ඩම් නොමැතිව එක්වීමට එකඟ නොවූ නමුත් ක්‍රිකට් ක්‍රීඩිකයා එය පැළඳීම ප්‍රතික්ෂේප කර සංසර්ගය සිදු කළ අතර පසුව කොණ්ඩමය බිම වැටී තිබෙනු ඇය දුටු බව කට උත්තරයේ දී ඇත.
ඇය හුස්ම හිරවීමත් සමඟ එක්වීමට එකඟ නොවූ බවත් එසේ තිබියදීත්, ක්‍රිකට් ක්‍රීඩිකයා ඇයට ශාරීරික බලය යෙදවූ බවත් මේ නිසා ඇය බියට පත් වූ බවත් දන්වා තිබේ.
සිද්ධියෙන් පසු කාන්තාව අතවර පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට සහ මොළයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය වූ අතර නැවත හුස්ම හිරවීම නිසා ඇති වන අභ්‍යන්තර තුවාලයක් ඇත්දැයි පරීක්ෂා කිරීමට යොමු විය.
මේ වසරේ ජූනි මාසයේ සිට බලාත්මක වූ නිව් සවුත් වේල්ස් (NSW) හි නව නීතියට අනුව, ලිං ගි කත්වය සඳහා ඔවුන්ගේ කැමැත්ත සන්නිවේදනය කිරීම සඳහා යම් පුද්ගලයෙකු යමක් පැවසිය යුතුය.
එසේම, නව ප්‍රතිසංස්කරණ වලට අනුව, අවසරයකින් තොරව කොන්ඩම් ඉවත් කිරීම ද ලිංගික අතවර වරදක් ලෙස සලකනු ලැබේ.
ලබන ජනවාරිය තෙක් නඩුව කල්තබා ඇති අතර ඊට පෙර ඇප ලබාගැනීමට අවශ්‍යතා මත ධනුෂ්ක පාර්ශ්වයෙන් අභියාචනයක් සිදුකරනු ඇතැයි වාර්තා වෙයි.
(සීඑන්එන් ඇසුරිනි)