උණුසුම් පුවත්
Search
ausi

ඕස්ට්‍රෙලියාවේ සිට ලංකාවට භාණ්ඩ බෙදූ ”AusiGift” වටළයි

378

ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් ලබාගෙන මෙරට තුළ වියලි ආහාර බෙදහරින Ausi Gift නමැති අන්තර්ජාල භාණ්ඩ බෙදාහරින ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් 28 වන සිකුරාදා වටලනු ලැබීය.

තොටළඟ පිහිටි ස්ථානයක දී මෙමෙ වැටලීම සිදු කර තිබූ අතර එහි තිබී කල්ඉකුත් වූ භාණ්ඩ කිහිපයක් හා ව්‍යාජ ලෙස දින වෙනස් කර අලෙවියට සූදානම් කළ භාණ්ඩ ගණනාවක් නිලධාරීන්ට හසුකර ගත හැකිවිය.

නීති රෙගුලාසි වලින් තොර භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන් භාණ්ඩ තොගයට මුද්‍ර තබන ලදි.

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදෙන ඇණවුම් මත ඔවුන්ගේ මෙරට සිටින ඥාති හිතවතුන්ට භාණ්ඩ බෙදාහැරීම ඉලක්ක කර මෙම ආයතනය වැඩි වශයෙන් ප්‍රචාරණ සිදු කර ඇති අතර කල් ඉකුත් වූ තේ කොළ පැකට්, කල් ඉකුත් වූ පොල් තෙල් බෝතල්, දින වෙනස් කළ පොල්තෙල් බෝතල් ඇතුළු භාණ්ඩ ගණනාවක් හසුකරගත හැකි විය.

වැටළීම සිදු කර තිබුනේ ඕස්ට්‍රෙලියාවේ ඥාතියෙකු විසින් ලංකාවෙහි ඥාතියෙකුට ඇණවුමක් හරහා ලබා දී තිබූ භාණ්ඩ පාර්සලයක සැක සහිත ද්‍රව්‍ය අඩංගුවීම මත ඇති වූ සැකය නිසා කළ පාරිභෝගික සේවා අධිකාරිය වෙත කළ පැමිණිල්ලක් අනුවයි.

Source – Derana