රාජ්‍ය ආයතන 73ක භාවිත කරන ගොඩනැගිලි 97%ක්ම නිසි සැලසුමකට අනුව සකසා නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
ඒවා භාවිතයට සුදුසු බවට නිකුත් කරනු ලබන අනුකූලතා සහතික ද නොමැති බවද එම නවතම වාර්තාවක සඳහන් වේ.
මෙම රාජ්‍ය ආයතන 73 හි හිමිකාරිත්වය යටතේ පවත්නා ගොඩනැගිලි 258කින් 248කට ද, ඔවුන් කුලී පදනම යටතේ ලබාගෙන තිබෙන ගොඩනැගිලි 513කට ද අනුකූලතා සහිතක ලැබී නැතැයි ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
අනුකූලතා සහතික නිකුත් කිරිමට සුදුසු නොවූ එහෙත් අදාල ආයතන ප්‍රයෝජනයට ගන්නා අනෙකුත් ගොඩනැගිලි සම්බන්ධයෙන් මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
රාජ්‍ය ආයතන වල හිමිකාරිත්වය යටතේ පවත්නා හා කුලී පදනම යටතේ ලබාගෙන තිබෙන ගොඩනැගිලි වලට අනුකූලතා සහතික ලබාගැනීම සම්බන්ධයෙන් විගණනය කරන ලද විමසීමේදි එයට පිළිතුරු ලබාදී තිබෙන්නේ ආයතන73ක් පමණක් වන අතර මෙම වාර්තාවේ දැක්වෙන්නේ එම ආයතන යටතේ පවත්නා ගොඩනැගිලි සම්බන්ධයෙන් පමණි.
මුදිතා දයානන්ද
Source – Lankadeepa