අද කතාවේ කතා නායිකාව රටම හඳුනන ඇය අපේ රටේ ප්‍රකට ගායන ශිල්පී යුවලක් වන සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරීගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි යි.
ඉතින් අද (20) කවින්ද්‍යාට ඉතා සුවිශේෂී දවසක්.
සමාජ මාධ්‍ය පුරාම දැකගන්නට ලැබෙන්නේ ඇයගේ විවාහ ඡායාරූප පෙළක්.
පසුගිය දිනෙක ඇය සිය ආදරවන්තයා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ රටටම හඳුන්වා දුන්නා.
සංගීත ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තියක නිරතව සිටින ඔහු නමින් දනිදු පෙරේරා යි.
ඉතින් කවින්ද්‍යා හා හා පුරා කියලා අද ඇයගේ ආදරවන්තයාගේ අත ගත්තා.
මේ ගැන මුළු රටම බලා සිටිනවා වගේම ඇයට සුබපැතුම් එක්කරනත් බොහෝ රසික පිරිසක් පෙළ ගැසී සිටියා.
මෙම අවස්ථාවට සමිතා – අතුල සහ ඔවුන්ගේ පුත් ෂේන්, චිරන්ත ද එක්ව සිටි අතර කලා ක්ෂේත්රයේ ඔවුන් ළඟින්ම ඇසුරු කරන රුවන්ති මංගලා ද එක්ව සිටිනු දැකගන්නට ලැබුණා.
ගංගාරාම විහාරස්ථානයේ මෙම මංගල කටයුත්ත සිදු කර තිබෙනවා.