අතුරුගිරියේ, ඔරුවල ව්‍යාපාරික ස්ථානයක අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් සන්හිල් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා (55) හෙවත් ‘ක්ලබ් වසන්ත’ , ‘කැරොකි වසන්ත’ සහ එම ස්ථානයේ සිටි තවත් 38 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඔහු සමග සිටි කේ. සුජීවා ගායිකාව ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකි. ඔහුගේ අනන්‍යතාව පොලිසිය තවම හෙළි කර නැත.
අද දින අතුරුගිරිය පිහිටි ටැටූ විලාසිතා සිදුකරන සාප්පුවකට (unique tatoo & peercing studio) සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ආරාධිකතයෙකු ලෙස පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ අය කොළඹ ජාතික රෝහලට සහ හෝමාගම රෝහල් වලට ඇතුළත් කර ඇති අතර ගායන ශිල්පිනියගේ පාද වලට වෙඩි වැදී ඇති බවත් සැත්කමක් කරන්නට නියමිත බවත් ජාතික රෝහල් අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසා සිටියි. සිද්ධියෙන් තුවාල ලද කේ. සුජීවාගේ තත්වය බරපතල නොවන බව ජාතික රෝහල පවසයි.
තුවාල ලද ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනා බවද වාර්තා වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.