උණුසුම් පුවත්
Search
passport women

පාස්පෝට් කන්තෝරුවේ දී විලිරුදාව හැදුණු මවට සිට සිදුව ඇත්තේ ගබ්සාවක් බව හෙළිවෙයි

4919

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්ත‌මේන්තුවේ පාස්පෝට් පෝලී‌මේදී රැදී සිටි හැටන් ප්‍රදේශයේ කාන්තාවක් අද (07) පෙරවරුවේ දරු ප්‍රසූතියක් සිදුකර ඇතැයි වාර්තා විය.

යුද හමුදාවේ සහයෙන් ඇය කාසල්වීදියේ කාන්තා රෝහලට ඇතුළත් කර තිබුණි.

උදෑසන දරුවා යහපත් තත්ත්වයෙන් යැයි පැවසුවා ද රෝහල් ප්‍රකාශකයකු සඳහාන් කළේ අදාල කාන්තාව බිහිකර ඇති දරුවා නිසි වයස සම්පූර්ණ කර ‌නොමැති බැවින් උපදින අවස්ථාවේදීම මියගොස් සිටි බවයි.

දරුවා උපදින විට බර ග්රෑම් 500කින් යුක්තව පැවතුණු බවත් සඳහන් කරයි.

හැටන් ප්‍රදේයේ පදිංචි මෙම කාන්තව සිය සැමියා සමග පාස්පොට් ලබා ගැනීම සදහා පැමිණ ඇති අතර සැමියා රෝහල් බලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ තම බිරිදගේ දරු ගැබට මාස 06ක් සම්පූර්ණ වී ඇති බවය.

නමුත් එම කාන්තාව පවසා ඇත්තේ කුසට මාස 04ක් බව යැයිද රෝහල් ප්‍රකාශකයා පැවසීය.

රෝහල් ප්‍රකාශකයා මෙසේ පැවසුවත් දරුවා නොමේරු ළදරු ඒකකයේ පසුවන බවට ලද ආරංචිය හේතුවෙන් අපි තව දුරටත් මේ ගැන සොයා බැලුවෙමු.

එහිදී අප කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු ප්‍රකාශ කළේ සති 22කට අඩු දරු උපත් වෛද්‍ය වීද්‍යානුකූලව ගබ්සා ලෙස හදුන්වන බවයි.

දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිිළිබඳ අප නැගූ පැනයට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

දරුවාගේ තත්ත්වය පිළිබද තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව හෙතම වැඩ දුරටත් පැවසීය.

කෙසේ වෙතත් ගබ්සාවක් සිදු වූ මෙම කාන්තාව සුවෙන් සිටින බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් ප්‍රකාශ කළේය.

ශ්‍රියානි විජේසිංහ

ඡායාරූපය- ප්‍රදීප් දඹරගේ

image 111



Leave a Reply

Your email address will not be published.