උණුසුම් පුවත්
Search
thirimanna

රිය අනතුරකට ලක් වූ ළහිරු තිරිමාන්න රෝහලේ (ඡායාරූප සහිතයි)

392

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න අනුරාධපුර, තිරිප්පනේ ප්‍රදේශයේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් සුළු තුවාල ලබා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අද (14) පෙරවරු 07.45 ට පමණ තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

එම මෝටර් රථයේ ඔහුගේ මව ද සිට ඇති අතර, ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී මෙලෙස ලොරියක ගැටී මෙම අනතුර සිදුවිය.

අනතුරින් තුවාල ලැබූ ළහිරු තිරිමාන්න ප්‍රතිකාර සඳහා අනුරාධපුරය මහ රෝහලට ඇතුලත් කර ඇති නමුත්
ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි පවසයි.

99