කැරලයින් ජූරි කියලා කියන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ”ලෝක විවාහක රූ රැජින” ලෙසින් තේරී පත්ව කිරුළ පැළඳ අපේ රටට විශාල කීර්තියක් අත්කර දුන් සුරූපී කාන්තාවක්. වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව කරා මෙම කිරුළ රැගෙන ඒමට සමත් වූ ඇය පසුගිය දිනක ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ දී ඇතිකරගත් ගැටලුකාරී සිද්ධිය නිසා එම කිරුළ ඇගේ අතින් ගිලිහුනා. නමුත් තවමත් බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ලෝක විවාහක රූ රැජිණ ලෙසිනුයි.
කෙසේ නමුත් ඇය ලංකාවට අත්කර දුන් මෙම කිරුල සඳහා ඇයට නිරන්තර ශක්තියක් වෙමින් ළඟින්ම සිටියේ ඇයගේ ආදරණීය සැමියා බවයි ඇය නිරන්තර සිහිපත් කරන්නේ.
ඇයගේ එම ජයග්‍රහණය වෙනුවෙන් නිහඩ කැපකිරීමක් සිදු කළ ඔහු සැබවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය සැමියෙක්.

ඉතිං ඔවුන් දෙදෙනා එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී කැරොලයින් ජූරිගේ සැමියා ඇයව මුලින් දුටු ආකාරය සහ ඇයට ආදරය ප්‍රකාශ කළ ආකාරය පිළිබඳව පවසලා තිබුණේ මේ විදිහට.
” මුලින්ම කෑරොලයින්ව මම දැක්කෙ ඩුබායි වල දී. අපි දෙන්නම වැඩ කරේ එකම mall එකේ. මම මුලින් හිතුවෙ එයා අරාබි කෙල්ලෙක් කියලා. අපි ඉස්සෙල්ලාම යාළුවො හැටියට තමයි ආශ්‍රය කරේ…. එයා හිතුවෙ මම ඉන්දියානු කියලා. අපි නිතරම ලන්ච් බ්‍රේක් එකේදි දකිනවා. දවසක් මට කෝල් එකක් ඇවිල්ලා සිංහලෙන් කතා කරද්දී එයාට ඇහුණා. එතකොට එයා මට සිංහලෙන් කතා කරලා ඇහුවා මම ලංකාවෙද කියලා…. එහෙම තමයි අපේ යාළුකම පටන් ගත්තෙ. ඉතින් මම එයාගෙන් එහෙම අහන තත්ත්වෙට එන කොට අපි හොඳ යාළුවො. බැහැ කිව්වොත් යාළුකමත් නැති වෙයිද කියන බය නම් ඇති වුණා…..

ලෝක විවාහක රූ රැජණ වුණාට එයා තාම එදා ගෙදර හිටපු කැරොලයින්ම තමයි. සමහර වෙලාවට මම තමයි එයාට කෑ ගහලා කියන්නෙ ගෙදර වැඩ නවත්තලා එයාගෙ යන්න තියෙන වැඩ වලට යන්න ලෑස්ති වෙන්න කියලා….. කිසිම විදිහකින් එයා වෙනස් වෙලා නැහැ. අපි යාළුවො හැටියට ආශ්‍රය කරද්දීත් එයාගෙ සිහින තිබ්බා. හැබැයි කොච්චර උත්සාහ කරත් එයාට දොරවල් ඇරුණේ නැහැ. ඉතින් එයා නිතරම කිව්ව දේ තමයි මොන බාධක ආවත් සිහින වලට යන ගමන අත අරින්න බැහැ කියලා. අපි මොන අමාරුකම් මැද හරි ඒවාට යනවා කියලා, එකට ඒ වෙනුවෙන් වැඩ කරපු හින්දා එහෙම බයක් ආවේ නැහැ.

අපි දෙන්නා අතරෙ තාමත් තියෙන්නෙ මුල් දවස්වල යාළුවො හැටියට තිබුණු බැඳීමම තමයි. බිරිඳක් විදිහට යුතුකම් කියලා මම දකින දේවල් ඇයගේ අතින් අඩුවක් නැතුව ඉටුවෙනවා…. “ කියලත් ඔහු සඳහන් කර සිටියා.

කොහොම නමුත් කිරුළට සමුදුන් කැරොලයින් මේ වන විට ඇයගේ රූපලාවන්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවයි අපට දැනගන්නට ලැබුණේ.
සිඟිති දියණියකගේ ද මවක් වන ඇය එම කටයුතු සියල්ල සමබරව කරගෙන යන බව නම් තහවුරුයි.
