උණුසුම් පුවත්
Search
bhanuka r

”මුලින්ම මට හිත ගියේ සැන්ඩ්‍රින්ගෙ යාලුවට” – ලිවින් ටුගෙදර් ඉදලා විවාහ වුණ භානුක කියන කතාව

28190

මේ දිනවල ක්‍රිකට් තරු කිව්වම සමාජ මාධ්‍යයේ නිතරම කතා බහට ලක්වෙන ඒ වගේම නිතරම මුණ ගැහෙන චරිතයන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම අපේ රටේ තරුණියන්ගේ ක්‍රෂ් බවට ක්‍රිකට් ටීම් එකේ තරු පත්වෙලා ඉන්නවා. ඉතින් ආසියානු කුසලානය අපේ සිංහයෝ දිනා ගැනීමත් එක්ක අපේ රටේ ප්‍රධාන මාතෘකාව ඔවුන් බවට පත්වෙලා. ඉතින් ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ කියන්නෙත් සුපිරි දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක්.

image 287

ඉතින් භානුකට සුරතල් බල්ලන් 08 දෙනෙක් ඉන්නවා. ඔහු සුරතලුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් එයාලත් එක්ක වැඩි කාලයක් ගත කරන ඔහු, ටුවර් එකක් ගිහින් හැමදාම ගෙදරට එනකොට ඇදුම් ගලවලා තමයි ගෙට ඇතුල් වෙන්නේ කියලත් සඳහන්.

image 286

මේ වෙනකොට විවාහ වෙලා ඉන්න භානුක රාජපක්ෂගේ අත ගත්ත ඒ සුරූපිනිය සැන්ඩ්‍රින් පෙරේරායි. ඇයව භානුකට හම්බවෙලා තියෙන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් තුලදී. ඉතින් භානුක ඇගේ ආදරණීය බිරිද ගැන යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි……

image 289

” මමයි බිරිදයි විවාහ වුණේ ලිවින් ටුගෙදර් ඉදලා. ඒක අපේ අම්මලාට ප්‍රශ්නයක් වුණේ නෑ. අපි දෙන්න හිතුවා කසාද බැදලා ඩිවෝස් වෙනවට වඩා එකට ඉදලා බලලා විවාහ වෙන්න. ඉතින් අපේ ලේන් එකේ හැමෝම වගේ එහෙමයි….. ඒ නිසා අපේ නේයිබර්ස්ලට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. මට මුලින්ම හිත ගියේ සැන්ඩ්‍රින්ගෙ යාලුවට. නමුත් ඇත්තට දැක්කම මට එයාට හිත ගියා. ඊට පස්සෙ තමයි අපි දෙන්නා යාලු වුණේ….”

ඉතින් මේ විදියට තමයි භානුක රාජපක්ෂ අදහස් දක්වලා තිබුණේ.

image 288