උණුසුම් පුවත්
Search
hiran yattowita

”නිළියන් එක්ක රඟපානවට මුලදි එයා කැමති වුණේ නෑ” – හිරාන් යට්ටෝවිට

35180

හිරාන්…. කාලයකට පස්සේ බන්ධනා ටෙලිනාට්‍යයත් එක්ක ආයෙමත් කලාවට අවතීර්ණ වෙලා තියෙනවා. අවුරුදු කීයක් නම් නිහඬව සිටියාද?

”මම ආයෙත් කලාවට සම්බන්ධ වුණේ අවුරුදු හත අටකට පස්සෙයි. බන්ධනා ටෙලිනාට්‍යය බුද්ධිනී ජයවර්ධනගේ තිර පිටපතක්. එය අධ්‍යක්ෂණය කරන්නේ තිසුල දීප තඹවිටයි. බුද්ධිනී අක්කා තමයි මට මේ චරිතයට කතා කළේ. ඒකෙදි මම මුලින්ම පොඩ්ඩක් මේ පිටපත කියෙව්වා. මම කලාවට ආවෙත් ටික කාලයකට පස්සේ නිසා මම ටිකක් කතාබහක් ඇතිවෙන චරිතයක් කරන්නට පොඩි ආසාවක් ඇති වුණා. පෙම්වතාගේ චරිතයට වඩා මම මේ කතාවට ආසා කළා. මීට පෙර මම බුද්ධිනී අක්කා එක්කත් වැඩ කරලා තිබෙනවා. ඇය හොඳ තිර නාට්‍ය රචිකාවියක්. ඒ හැමදේම එක්ක තමයි අවුරුදු අටකට පස්සේ ආයෙමත් මම රංගනයට සම්බන්ධ වුණේ.”

හිරාන්…. රඟපානවාට හිරුණිකා කැමතිද…?

”දැන් අකමැත්තක් නැහැ. හැබැයි අපි කසාද බැඳපු අලුත නම් එයා මම රඟපානවාට කැමති වුණේ නැහැ. රංගනයේදී හැමවෙලේම නළු නිළියන් එක්ක සමීප වෙනවානේ. ඉතින් මම නිළියන් එක්ක රඟපානවාට එයාගේ මුලදී අකමැත්තක් තිබුණා. හැබැයි දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ.”

හිරුණිකා දේශපාලනය කරනවාට හිරාන් කැමැතිද…?

”මම මුලදී රංගනයෙන් ඈත් වෙන්න එයාගේ දේශපාලනය එක හේතුවක් වුණා. මම කලාවෙන් ඉස්සරහට ගියාටත් වඩා හිරුණිකා දේශපාලනයෙන් සෑහෙන ඉස්සරහට ගිහින් හිටියේ. ඒ නිසාම එයා ගොඩාක් කාර්යබහුල වුණා. හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න නම් දෙන්නම කාර්යබහුල වෙලා බැහැ කියලා මට තේරුණා. අපි දෙන්නාගෙන් කෙනෙක් පොඩ්ඩක් යම් කැපකිරීමක් කළ යුතු වෙනවා. ඒ කැපවීම අපේ පවුල වෙනුවෙන් මම කළා. ඒ කැපකිරීම යම් සාර්ථකත්වයක් තියෙනවා කියලා අද මට හිතෙනවා. මම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ හරහා අපේ ආර්ථික තත්ත්වයත් යම් ස්ථාවර තත්ත්වයට පත්වුණා. ඒ අතරේ මම හිරුණිකාගේ දේශපාලන වැඩකටයුතු වලටත් පුළුවන් උපරිමයෙන් සහයෝගය ලබලා දුන්නා.”

May be an image of 1 person, standing and indoor

අද දරුවන් තුන්දෙනෙකුගේ ආදරණීය තාත්තා කෙනෙක්?

”ඔව්… අපිට දැන් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට දැන් වයස අවුරුදු හතරහමාරයි. දෙවැන්නා දුව එයාට වයස අවුරුදු තුනයි. බාලයා චූටි දුව එයාට දැන් වයස අවුරුද්දයි මාස හතරයි. හිරුණිකායි මායි විවාහ වුණු දවසේ ඉඳන් කොහේ ගියත් යන්නේ එකටයි. දරුවන් ලැබුණට පස්සෙත් යන්නේ එකටයි. හිරුණිකා දේශපාලන රැස්වීම්වලට ගියත් අපි දරුවන් තුන්දෙනාම අරගෙන ගියා. මගේ ව්‍යාපාරික කටයුතු කරද්දීත් මම දවසකට වඩා පිට දරුවන් නැතිව ඉඳලා නැහැ. තාමත් අපි පස්දෙනාම නිදියන්නේ එකම කාමරේ. ඒ නිසා අපිට කාර්යබහුල තත්ත්වය නිසාවෙන් දරුවන් මඟහැරෙන්නේ නැහැ.”

May be an image of child and standing

හිරාන්ගේ ව්‍යාපාරික කටයුතු කොහොමද?

”මම දේපල වෙළඳාම් ව්‍යාපාරයක් ආරම්භ කළා. දැන් වරදක් නැහැ. ඒක මම කරගෙන යනවා. ව්‍යාපාරය හරහා මට ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න පුළුවන් වුණා. මම කලාවට ආසයි. කලාවේ රුඳෙන්න ආසයි. හැබැයි ජීවත්වෙන්න ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා මම ව්‍යාපාරික කටයුතු වලට මුල්තැනක් දීලයි තියෙන්නේ. ඒ නිසා කලා කටයුතු වලදී මට අවශ්‍ය විදියට හොඳ නිර්මාණ වලට දායකවෙන්න හැකියාවක් තිබෙනවා. රුකියාව, රංගනය, නිරෑපණ ක්ෂේත්‍රය මේ මොන දේ කළත් මම ඒ හැමදේම කරන්නේ සතුටින්.”

May be an image of 3 people

කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ, රංගන ක්ෂේත්‍රයේ නියැලුණු හිරාන් අවුරුදු අටක් තිස්සේ කලාවෙන් නිහඬව හිටිය එක අපරාධයක් කියලා අද හිතෙන්නේ නැද්ද?

”ඔය අවුරුදු අට තුළදී මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා බාරගත්තේ නැහැ. මීට පෙර මම අහස කියලා එක ටෙලිනාට්‍යයකට කොටස් කිහිපයකට රෑගත කිරීම්වලට සම්බන්ධ වුණා. නමුත් ඒක විකාශනය වුණේ නැහැ. ඉතිරි කොටස රෑගත වුණෙත් නැහැ. ඒ දවස්වල තිබුණ කාර්යබහුලකමත් එක්ක ඒවාට නැඹුරු වෙන්න ලොකු උවමනාවක් තිබුණෙත් නැහැ. නමුත් ගෙවුණු අවුරුදු අට ගැන මම දුක්වෙන්නේ නැහැ.”

May be an image of child, standing and indoor

කලාවේ හිටපු හිරාන්ටත් දේශපාලන පසුබිමක් තිබෙනවා. හිරුණිකාව මුණගැහුනේ කොහොමද?

”හිරුණිකාව මුලින්ම මට සාදයකදී තමයි මුණගැහුණේ. ඒ වෙද්දිත් එයා දේශපාලනයට සම්බන්ධ වෙලයි හිටියේ. හිරුණිකා මාත් එක්ක කතා කළා. එයාගේ කිසිම ආඩම්බරකමක් තිබුණේ නැහැ. මගේ අම්මා දේශපාලන පසුබිමක ඉඳන් එන කෙනෙක්. මගේ අම්මගේ ඥාති සහෝදරයා තමයි කුමාර වෙල්ගම මගේ සීයාත් හිටපු උප නගරාධිපති කෙනෙක්. ඒ නිසා පුංචි කාලේ ඉඳන් මම ඒ දේශපාලන පසුබිම දැක්කා. මට දේශපාලනයට සම්බන්ධ වෙන්න කියල ආරාධනාත් ලැබෙනවා. හැබැයි තාමත් මට දේශපාලනයට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැහැ. හැබැයි හිරුණිකාගේ දේශපාලන කටයුතු වලට මගෙන් උපරිම සහයෝගයක් එයාට ලැබෙනවා. මම එයාට වඩා අවුරුදු 07ක් වැඩිමහල්. ඉතින් බොහෝ අවස්ථාවලදී අපි තීරණ ගනිද්දී කතාබහ කරලායි හැමදේම කරන්නේ.”

කලා ක්ෂේත්‍රය තුළ හිරාන්ගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?

”මට හොඳ සිනමා පටයකට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තිබෙනවා. මීට පෙර මම චිත්‍රපට දෙකකට දායක වුණා. තාමත් ඒ චිත්‍රපට තිරගත වුණේ නැහැ. ඒ නිසා හොඳ චිත්‍රපටයකට ආයෙමත් සම්බන්ධ වෙන්න ආසයි.”

May be an image of 3 people, child, people sitting, people standing, balloon and indoor

 දිශානි ජයමාලි

Source – Deshaya




Leave a Reply

Your email address will not be published. Required fields are marked *