උණුසුම් පුවත්
Search
srilanka

ආසියානු ක්‍රිකට් කුසලාන සත්කාරකත්වය ‘ශ්‍රී ලංකාවට’ අහිමි වන ලකුණු

118

2022 අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත ‘2022 ආසියානු ක්‍රිකට් කුසලාන’ T20 තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානම් තත්වයක් ඇති වී ඇති බව වාර්තා වනවා.

එයට හේතුව වන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන නොසන්සුන් බව බවත් එය ඉල්මනින්ම විසඳීම සිදු නොවුණහොත් 2022 ආසියානු ක්‍රිකට් කුසලානයේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) හෝ බංග්ලාදේශයට ලැබෙනු ඇති බවටත් වාර්තා පළ වනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති අතර අවසන් තීරණය එළැඹෙන ජූලි 26 වැනිදා ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) මඟින් ගැනීමට නියමිතව ඇත.

Qualifier තරගාවලිය ඇතුළුව 2022 ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, හොංකො, සිංගප්පූරුව, කුවේට්, UAE ලෙස සමස්ත රටවල් 08ක් සත්කාරක දේශය වෙත පැමිණීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published.