උණුසුම් පුවත්
Search
niranjani

පොරොන්දු දුන් පරිදිම කිතු දහම වැළද ගත් නිරන්ජනී ශම්මුගරාජා (ඡායාරූප සහිතයි)

251

සිනමාව තුළ විවිධ චරිත ගෙන හැර පෑ ඒ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිරන්ජනී ශම්මුගරාජා කියන්නේ. ඇය දමිළ කෙනෙක් වුනත් අපේ සිංහල සිනමාව තුල ඇයට ලැබෙන්නේ ඉහලම ආකර්ෂණයක්. නිරන්ජනී ශම්මුගරාජා කිව්ව පමණින් මේ වන විට ඕනම කෙනෙක් දන්නවා. ඒ තරමටම ඇය අපේ ජීවිත වලට සමීපයි. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් ඇය ප්‍රකටයි.

ඇය මෑතක දී රඟ පෑ කල සිනමා නිර්මාණයක් තමයි ‘ප්‍රාණ’ කියන්නේ. ඉතින් විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂක හදවත් වලට සමීප වෙන ඇය කාගේත් ආදරය ලබා ගන්නවා. ඒ විදිටයට කවුරුත් ආදරේ නිරන්ජනී ශම්මුගරාජා ගැන පසුගිය දිනවල වැඩි පුර කතා කරන්නට වුණා.

image 316

ඒ මෙදා පාර නත්තලේ සිට ඇය කිතුනු දහම වැළද ගන්නවා කියලා සඳහන් කර තිබීමත් සමඟ. ඊට හේතුවත් ඇය සදහන් කර තිබුණා.

”පසුගිය වසර තුල මිනිස්සු ගොඩක් දුක් වින්දා. එකිනෙකාට උදව් කරගන්න බැරි තරමට මිනිස්සු අසරණ වුණා. නමුත් මේ වසර තුල යම් සැනසීමක් ලැබිලා තියෙනවා. මෙදා පාර නත්තල මට මගේ ජීවිතේට සුවිශේෂියි….. ඒ අවුරුදු හත අටක කාලයක් මම පීඩා වින්ද රෝගයක් නිසා දුක් වින්ද මට දෙවියන් වහන්සේව විශ්වාස කරලා යාච්ඤා කිරීම නිසා මගේ රෝගය සුව වුණා….. ඒ නිසා මම උන්වහන්සේව දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මෙදා පාර නත්තලේ ඉදලා මම කිතුනු දහම වැළදගන්නවා.’’

image 313

මේ විදියට සදහන් කරලා තිබුණු ජනප්‍රිය රංගන ශිල්පිනී නිරන්ජනී ශම්මුගරාජා, ඒ පොරොන්දු වුණ පරිදිම පසුගිය දිනයේ කිතුණු දහම වැළද ගෙන තිබුණා.

image 314

එම අවස්ථාවේ ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

image 315