ආහාර වල මිල අධික ලෙස ඉහල යාම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු වියළි ආහාර වෙළදපොළේ බහුලව දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඉකුත් සති කිහිපයේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී ඒ පිළබඳ අනාවරණය වූ බවයි.
පරිභෝජනයට නුසුදුසු ආහාර දන්සැල් සඳහා පරිත්‍යාග කිරීමට ඇතැම් කූඨ වෙළදුන් කටයුතු කරනු ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා.
ඒ අනුව දන්සැල් සඳහා පරිත්‍යාග ලෙස ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ දී ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.