උණුසුම් පුවත්
Search
she

”අම්මෙක් විදියට ශේෂාද්‍රි අපේ දරුවා වෙනුවෙන් හැමදේම කරනවා” – ක්‍රිෂාන් පෙරේරා

387

කලා පවුලක් වන ප්‍රියසාද් පවුල කියන්නේ අපි හැමෝම දන්න අපේ රටේ නිර්මාණ ගණනාවකටම දායකත්වය ලබා දුන් ප්‍රසිද්ධ කලා ශිල්පීන් ශිල්පිනියන් ඉන්න පවුලක්. විශේෂත්වය කියන්නේ මේ කලා පවුලට එකතුවෙන්නෙත් කලා ලෝකයේ ඉන්න ජනප්‍රිය තරු. එතකොට මේ පවුල තුළ කා අතරත් ප්‍රසිද්ධියට පත් වෙනවා.

May be an image of 1 person, standing and outdoors

නිවේදනයට, රංගනයට, ගායනයට, වාදනයට කියන මේ හැම අංශයකටම දක්ෂතා දක්වන ඔවුන් අතරින් ප්‍රියසාද් පවුලේ දෙවෙනි දුව තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඉතින් පළමු විවාහයට සමුදෙන ශේෂාද්‍රි විවාහ වෙන්නේ ගායන ශිල්පියෙක් වන ක්‍රිෂාන් පෙරේරා සමගයි. ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් සොදුරු කැදැල්ලට පුංචි සුරංගනාවියක් එකතු වුණා. ඒ කුමාරිට ඔවුන් නම් තැබුණේ ක්‍රිෂාර්යයා කියලා.

May be an image of 3 people, baby, people standing and indoor

ඉතින් ක්‍රිෂාර්යයා ලැබීමත් එක්ක ශේෂාද්‍රි ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපිට දැක ගන්නට ලැබුණෙ නැහැ. නමුත් සමාජ මාධ්‍ය හරහා නම් නිතරම ඔවුන්ව ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබෙනවා. ඉතින් ශේෂාද්‍රි අම්මෙක් විදියට පුංචි ක්‍රිෂාර්යයා වෙනුවෙන් ඉටු කරන යුතුකම් පිළිබදව ක්‍රිෂාන් පෙරේරා මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person, child, standing, tree and outdoors

”අම්මෙක් විදියට ශේෂාද්‍රි අපේ දරුවා වෙනුවෙන් හැමදේම කරනවා. ඇත්තටම ඒ දේ වෙනුවෙන් මම හැමදාමත් ශේෂාද්‍රිට රෙස්පෙක්ට් කරනවා. එයා කවදාවත් මගෙන් දේවල් ඉල්ලුවෙ නෑ….. එයා බලන්නෙ හැමදේම දරුවගෙ දේවල් එයාගෙ අතින්ම කරන්න. එයා ගුරුවරියක් වග්‍ර්ම රංගන ශිල්පිනියක් විදියට වැඩ කලාට ඒ හැමදේම අත ඇරලා එයා දරුවගෙ දේවල් කරනවා. ඉතින් මම වැඩට ගිහින් බයක් නැතුව ඉන්නෙ මගෙ ළමයා එයාගෙ අම්මගෙ ළග පරිස්සමට හැදෙන නිසා…” කියලා තමයි ඔහු සඳහන් කරලා තිබුණේ.

May be an image of 1 person and standing