උණුසුම් පුවත්
Search
umara

“අම්මා විදියට මං දන්නවා දරුවාගේ බඩට කෑම ටික ගියොත් තමයි සන්නිවේදනය කරන්න පුළුවන්” – උමාරා සිය දරුවා ගැන හෙළි කළ සංවේදී කතාව

723

උමාරා සිංහවංශ කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ගායන ශිල්පිනියක්. ඇය අපේ රටේ ඉතාමත් ප්‍රසිද්ධ උමාරියා සිංහවංශගෙ ආදරණීය වැඩිමහල් සහෝදරියයි. උමාරා කිව්වම අපේ රටේ නොදන්න කෙනෙක් නැහැ වගේම ඇයට ආදරේ නොකරන කෙනෙක් නැති තරම්. ඊට ඇයගේ දක්ෂ ගායන හැකියාව වගේම ඇයගේ නිහතමානී ගුණය බොහෝ සෙයින් බලපාල තියෙනවා. මෙරට ප්‍රසංග වේදිකාවට ද නැතිවම බැරි චරිතයක් වගේම අපේ රටෙන් ජාත්‍යන්තරයට ගියපු අතලොස්සක් අතරින් ඇය ද ඉහළින් ම සිටිනවා. ඒ වගේම ඇය රියලිටි වැඩසටහනක විනිසුරුවරියක් ලෙස ද කටයුතු කරනු ලැබුවා.

මේ ඇය මීට කලකට ඉහත දී එක්තරා යූටියුබ් වැඩසටහනකට පැමිණ ඇයගේ දරුවා පිළිබඳව පැවසූ ඉතාමත් සංවේදී කතාවයි.

image 148

උමාරාගෙ පුංචි පුතා වයස අවුරුදු දෙකක් වෙනකන් හරිම සාමාන්‍ය ළමයෙක් විදිහට හොදින් ක්‍රියාශීලී විදියට ඉඳලා තියෙනවා. එක පාරටම ස්විච් එකක් දැම්මා වගේ පුංචි දරුවා වෙනස් වෙන්න අරගෙන තියෙනවා. මුල දී උමාරා සහ ඇයගේ ස්වාමිපුරුෂයා හිතලා තියෙන්නේ ඔවුන් දෙපලගේ යම් කිසි වරදක් නිසා දරුවාට මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියලායි. ඊට පස්සේ වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියාට පස්සේ ඔහු මේ තත්ත්වය ගැන පවසලා තියෙනවා. ඒත් උමාරා මුලදී මේක පිළිඅරගෙන තිබිලා නැහැ .පසුව ටික ටික ඔවුන්ට පිළිගන්න සිදුවෙලා තියෙනවා පුංචි දරුවා ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන බව. ඊට පස්සේ ඇය දරුවාගේ ක්‍රියාකාරකම් නිසා සහ යම් යම් තත්වයන් නිසා වගේම දරුවාට මේ වගේ තත්ත්වයක් තියෙන නිසා බොහෝ සෙයින් මානසික ආතතියට පත් වෙලා තියෙනවා. ඒ වගේම එහි උපරිමය ඇයට විශාදය තත්ත්වයට පවා ඇවිත් තියෙනවා.

image 153

මේ පුංචි දරුවා මුල දී ශබ්ද වලට ඉතාමත් සංවේදී වෙලා තියෙනවා. උමාරා සංගීත ප්‍රසංග වලට සහභාගි වෙලා ගෙදර ආවට පස්සෙ මේකප් ඉවත් කරලා ඇඳුම් මාරු කරගෙන එහෙම්මම දරුවව අරගෙන තමන් ලඟ නිදි කරව ගන්නවා. ඒ වෙනකොට ඇයට හෙල්ලෙන්නවත් වෙන තැනකට යන්නවත් කිසිම සද්දයක් කරන්නවත් බැහැ…. මොකද එහෙම කළොත් දරුවා ඇහැරෙන නිසා. එහෙම හැරෙන දරුවා පැය දෙක තුනක් විතර එක දිගට බිමට ගහ ගහ අඬනවලු. ඊට හේතුව වෙලා තියෙන්නේ ඒ දරුවා ශබ්දයට ගොඩක් සංවේදී වීමයි…. ඒ වගේම වයස අවුරුදු දෙකක් වෙනකොට මේ පුංචි දරුවා තමන්ගේ අත්වල ඇඟිලි වලින් බිත්ති පවා සූරලා තියෙනවලු…..

image 149

කොහොම හරි ඇයට සිතුනාලු මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් හැම දේටම කලින් තමන් හොඳ මට්ටමකට එන්න ඕන තමන්ගේ හිත හොඳ මට්ටමකට අරගන්න ඕන කියලා. එහෙම හිතලා මේ පුළුවන් තරම් බුද්ධිමත් වෙලා කල්පනා කරලා තමන්ගේ පුංචි දරුවගෙ මේ තත්ත්වය වෙනස් කරන්න ඔහුත් සමඟ සන්නිවේදනය කරන්න ඇය ඒ මානසික මට්ටමට ගිහින් කටයුතු කළාලු. ඒ වගේම මේ පුංචි දරුවව ශබ්ද වලට සංවේදී කරවන්න ඕන නිසා ටිකක් හවස් වෙලා ත්‍රීවීල් එකක දරුවව දාගෙන ටවුම වටේ ගිහිල්ලා තියනවලු. ඒ විදියට පුංචි පුංචි අභියෝගයන් ඔස්සේ ඇය ඉදිරියටම ගිහින් තියෙනවා තමන්ගේ ආදරණීය දරුවා වෙනුවෙන්.

ඒ විතරක් නෙවෙයි නෙමෙයි දරුවාගේ මේ තත්ත්වය නිසා සමාජය ඉදිරියේ ඇය අසරණ උන වාර අනන්තයි කියලයි ඇය පවසා සිටියේ. ඒ විතරක් නෙවෙයි බබාට කෑම කවන ඉතාමත් අසීරු නිසා බබාව බලෙන් අල්ලගෙන කෑම කවලා තියෙනවලු. බලන් ඉන්න කෙනෙක් මේ දේ විවේචනය කළත් අම්මා කෙනෙකු වශයෙන් ඇය දන්නවලු බබාගේ බඩට කෑම ටික ගියොත් තමයි තමන් සමග සන්නිවේදනය කරන්න පුළුවන් වෙන්නේ කියලා.

image 150

ඉතින් මේ ආදරණීය සංවේදී කතාව අපි ඔයාලට අරගෙන එන්න හිතුවේ උමාරා සිංහවංශ ඉතාමත් හොඳ අපේ කාලයේ ආදර්ශමත් මවක් වගේම මේ වගේ තත්ත්වයකදී කොහොමද බුද්ධිමත්ව තමන්ගේ අභියෝග ජය ගන්න සහ තමන්ගේ හිත මේ දේවල්වලට මුහුණ දෙමින් තමන්ගේ අරමුණු කරා යන්න කොහොමද හිත ශක්තිමත් කරගන්නේ කියන ආදර්ශය ලබා දෙන්නයි.

ඉතින් උමාරා ඔබ සැබවින්ම උතුම් මවක්. අපි සුරතල් පුංචි දරුවාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා වගේම ආදරණීය ගායන ශිල්පිනි උමාරා, ඔබගේ ඉදිරි කටයුතු ඉතාමත් සාර්ථක කර ගැනීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා.

image 151
image 152



Leave a Reply

Your email address will not be published. Required fields are marked *