අරුණි මධූෂා රාජපක්ෂ නමින් හැඳින්වූවත් 2007 වර්ෂයේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් ඇය කවුරුත් හඳුනන්නේ අරුණි රාජපක්ෂ කිව්වොත් තමයි.
2005 වර්ෂයේදී පැවැති කැප්රි රූ රැජිණ තරඟයේ ජයග්‍රහණය හිමි කර ගනිමින්, ප්‍රථම වතාවට රූ රැජින කිරුළක් හිමිකරගත් අරුණි කාලයක් අපේ රටේ දක්ෂ නිරූපිකාවක, නිවේදිකාවක මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස ද ඇය නමක් දිනා සිටියා.
තවත් විදියකට කියනවා නම් අරුණි රාජපක්ෂ කියන්නේ අපේ රටේ බිහිවුණ ඉතාම ආකර්ශනීය වගේම හොඳ හයිට් එකක් තියෙන මුල් පෙලේ නිරූපිකාවක් කිව්වට කිසිම වරදක් නෑ.

ඒ වගේම ඇය සිනමා නිළියක ලෙසත් විශාල ආකර්ශනයක් දිනා සිටියා.
2012 වර්ෂයේ නිකුත් වූ සුපර් සික්ස් චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයට පිවිසි අරුණි, ඊට පොරෝතුව මෙරට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවකටද සිය රංගන දායකත්වය ලබා දී තිබුණා.

කොහොම නමුත් ඇය රඟ පෑ පත්තිනි සිනමා කෘතිය තිරගත වන්නත් කලින් අරුණි විදෙස්ගත වන තීරණය ගන්නවා.
ඒ ඇයගේ විවාහයත් සමඟ යි.
2015 වසරේදී ස්වාමිපුරුෂයා සමඟ එංගලන්තයේ පදිංචියට ගියපු අරුණි දැන් නම් නිවුන් දියණියන් දෙදෙනකුගේ ආදරණීය මවක්.

අරුණි ලංකාව හැර යන්නේ ඇයගේ රංඟන දිවියේ ඉහළ ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටින වෙලාවකයි.

නමුත් ඇයට ඒ පිළිබඳව කිසිම දුකක් නැහැ. මොකද ඇය විවාහ දිවියේ උපරිම ආස්වාදය අත්විඳින නිසා. අරුණි ආසාවෙන් හිටියේ හොඳ ගෘහණියක් වෙන්නලු.

කොහොම වුණත් ඉපදුණ රට අමතක කරන්න බැරි නිසා අරුණි ඔහුගේ ස්වාමිපුරුෂයා සහ දරුවන් දෙදෙනා සමඟ ඇතැම් විට ලංකාවට එනවා.
ඉතින් අරුණි මේ විදියට සිඟිති දියණියන් දෙදෙනා සහ සැමියා සමඟ ආදරණීයව කාර්යබහුල දිවියක් ගත කරන ඒ කැදැල්ලේ සුන්දරත්වය පසුගිය දා ඡායාරූප පෙලකින් සමාජ මාධ්‍යයට නිකුත් වෙලා තිබුණා.

