ඊයේ (19) දින පැවති සාමකාමී විරෝධතාවය අතරතුර නිරායුද අරගලකරුවකු බැඳ තබා ට්‍රක් රථයකට නංවාගෙන අත්අඩංගුවට ගැනීමට තැත් කර ඇති බවට වන සාක්ෂි සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
එම තරුණයාව කෘර ලෙස බැඳ තබා ට්‍රක් රථයකට දමාගන්නා ලෙස යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකු විසින් අණ දුන් බවත්, එහිදී එම තරුණයා ආයාචනා කරමින් ඉල්ලා ඇත්තේ තමා නිරායුද සිවිල් පුරවැසියකු බැවින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කර සිටියි.
ඔහු පාපොච්චාරණය කරන ආකාරයට ඔහුට දැඩි ලෙස තර්ජනය කරමින් අවසානයේ ඔහුව නිදහස් කළ බවයි කියා සිටින්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම තරුණයා කියා සිටියේ මෙවැන්නක්, ”දරුවාගේ බෙහෙත් ටික වෙනුවෙන්, තාත්තාගේ දියවැඩියා පෙත්ත වෙනුවෙන් අරගල කරන අපි මිනීමැරු ත්‍රස්තවාදින්ද? මම කියනවා නැවතත් අපිව මරා දැමුව ද අරගලය මරා දැමීමට නොහැක…. අරගලයට ජයවේවා” යන්නයි.
මෙම සිද්ධියට මුහුණ දුන් තරුණයා ගෝඨාගෝගම ක්‍රියාකාරි සාමාජිකයෙකි.
ඒ සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින්.